SLT-MOBITEL ඉංජි­නේරු මල්රාජ් බල­පි­ටිය විශ්‍රාම යයි | සිළුමිණ

SLT-MOBITEL ඉංජි­නේරු මල්රාජ් බල­පි­ටිය විශ්‍රාම යයි

ඉංජිනේරු මල්රාජ් බලපිටිය SLT-MOBITEL සමූහයෙන් විශ්‍රාම ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ නොමැකෙන පෞරුෂයක් වන එන්.මල්රාජ් බලපිටිය වසර 37 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු 2021 මැයි මස මැද භාගයේදී SLT-MOBITEL සමූහයෙන් විශ්‍රාම ගියේය. විශ්‍රාම යාමට පෙර ඔහු SLT-MOBITEL සමූහයේ එක් සමාගමක් වන SLT DIGITAL INFO SERVICES PVT LIMITED හි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළේය. මල්රාජ් බලපිටිය වරලත් ඉංජිනේරුවරයෙකු වන අතර ශ්‍රීලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙකි.ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් පරිපාලනයේ විවිධ ස්ථර වල වසර 37 කට අධික සේවා පළපුරුද්දක් ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් පබ්ලිකේෂන් (පුද්)සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් වීමට පෙර ඔහු කාර්මික නිලධාරීවරයාගේ සිට ප්‍රාදේශීය ටෙලිකොම් ඉංජිනේරු, පළාත් ප්‍රධානී සහ සාමාන්‍යාධිකාරී දක්වා ආයතනය තුළ ඉහළ තනතුරු සඳහා පත්වූ නිලධාරිවරයෙකි.පසුව ඔහු එස්.එල්.ටී.පබ්ලිකේෂන් පුද්ගලික සමාගම SLT Digital Info Services (Pvt) Ltd පරිවර්තනය කළේය. හෙතෙම මාධ්‍ය ‍ෙව්දීන් අතරද ජනප්‍රිය චරිතයකි.

Comments