කාබනික පොහොර හදන්න අක්කරයට රුපියල් 10,000ක් | සිළුමිණ

කාබනික පොහොර හදන්න අක්කරයට රුපියල් 10,000ක්

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට හෙක්ටයාරයක් සඳහා රුපියල් 10,000ක මුදලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ පැවැති සාකච්ඡාවක දී මේ බව තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැති අදාළ සාකච්ඡාවට අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා මණ්ඩල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ නියෝජිතයින් ද සහභාගී වී තිබේ.

එළඹෙන මහ කන්නය වෙනුවෙන් සැප්තැම්බර් මුල වන විට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.

සියලු පුද්ගලයින් හා ආයතන විසින් නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර පොහොර සමාගම් හරහා මිලදී ගැනිමට කටයුතු යොදා තිබේ.

Comments