මෙරට COVID-19 එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන වේග­වත් කිරී­මට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව දායක වෙයි | සිළුමිණ

මෙරට COVID-19 එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන වේග­වත් කිරී­මට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව දායක වෙයි

 ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් (Standard Chartered Sri Lanka), ලංකා බැංකුව සහ මහජන බැංකුව සමඟ එක්ව, COVID-19 එන්නත් මාත්‍රා මිලියන 4 ක් ආනයනය කිරීම සඳහා ) ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෙළෙඳ ණය පහසුකම් සලසා දීමට කටයුතු කර තිබේ.

COVID-19 නවතම රැල්ල හමුවේ ජාතික එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව මෙම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකු දෙක සමඟ එක්ව කටයුතු කළ අතර, එන්නත් මිලදී ගැනීමට අදාළ ඉන්වොයිසි පිරිසැකසුම් සහ ගෙවීම් ක්‍රියාවලි වේගවත් කිරීම සඳහා කඩිනම් හා කාර්යක්ෂම වෙළඳ මූල්‍ය විසඳුම් සැපයීමට පියවර ගත්තේ ය.

Òලෝකයට වඩාත් යහපත් හෙට දවසක් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි වන ආකාරයට,COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහි ගෝලීය සටන ජයගැනීම සඳහා හැකි උපරිමයෙන් දායක වීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් කටයුතු කර තිබෙනවා.

මෙම රෝගය මුලින්ම ලංකාව තුළ පැතිර යාම ආරම්භ වූ අවස්ථාවේදී, දිවයින පුරා හදිසි සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සමාජය වෙත ඇමරිකානු ඩොලර් 500,000 ක පරිත්‍යාගයක් සිදුකිරීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් කටයුතු කළා.

Comments