
ජපානයේ පැවැත්වෙන 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උලෙළ සඳහා ලාංකීය සිනමාපට දෙකක් තෝරා ගෙන තිබෙනවා. ඒ සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ අධ්‍යක්ෂණය කළ "ඇල්බොරාදා" (The Dawning of the Day) චිත්‍රපටය සහ සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ "ආසු" (Asu) චිත්‍රපටය.
මෙම 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උලෙළ ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව "ඇල්බොරාදා" (The Dawning of the Day) චිත්‍රපටය 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උෙලළ අන්තර්ජාතික තරඟකාරී අංශය සඳහාත් "ආසු" (Asu) චිත්‍රපටය ආසියානු තරගකාරි අංශයේ සිනමා කෘති අතරත් තරග කිරීමට තෝරාගෙන ඇති බව පසුගියදා ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උලෙළ නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.
“ආසු”
(Asu)
ආසු ට වස්තු විෂය වී තිබෙන්නේ මෙවැන්නකි. තම දෙවන දරුවා අපේක්ෂාවෙන් සිටින නෙළුම් සය මස් ගැබිනියකි. ඇය සංගීතඥයකු වන සිය තිස් පස් හැවිරිදි සැමියා සහ තුන් හැවිරිදි දියණිය සමඟ ඉහළ පාන්තික දිවියක් ගෙවයි. නෙළුම්ට අවසන් අදියර දක්වා වර්ධනය වූ පිළිකාවක් ඇති බව දැනගත් විට ඔවුන්ගේ ප්‍රීතිමත් පවුල කම්පනයට පත් වේ. නූපන් දරුවාගේ ජීවිතය අනතුරේ හෙළීමට අකමැති වන නෙළුම් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර පිළිකාවට එරෙහිව සටන් කිරීමට තීරණය කරයි. ඇගේ මෙම තීරණය වෛද්‍යවරුන් උභතෝකෝටිකයට පත් කරන අතර නූපන් දරුවාට වඩා තම ආදරණීය බිරිඳගේ ජීවිතය බේරා ගැනීමට තීරණය කරන සැමියාගේ බලාපොරොත්තු සුන් කරයි.
ආසු චිත්‍රපටයේ චරිත මවන්නේ උදාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා,චාන්දනි සෙනවිරත්න, සෝමරත්න දිසානායක, ස්වේතකි වාදිසිංහ සහ අතුල වේරගොඩ, යශෝදා රසඳුනි සහ රේණුකා බාලසුරිය.
ආසු චිත්‍රපටය සමඟ ආසියානු තරගකාරි අංශය නියෝජනය කරන සිනමා කෘති
1 American Girl, Director Feng-i Fiona Roan
2 Asu, Director Sanjeewa Pushpakumara
3 The Brittle Thread, Director Ritesh Sharma
4 The Brokers, Director Daniel R. Palacio
5 The Coffin Painter, Director Da Fei
6 The Last Birds of Passage,
Director Iffet Eren Danisman Boz
7 The Nighthawk’s First Love,
Director Yasukawa Yuka
8 Somebody’s Flowers, Director Okuda Yusuke
9 When Pomegranates Howl,
Director Granaz Moussavi
10 World, Northern Hemisphere,
Director Hossein Tehrani
“ඇල්බොරාදා”
(The Dawning of the Day)
ඇල්බොරාදා චිත්‍රපටියට පාදක වී තිබෙන්නේ ලෝක ප්‍රකට ග්‍රන්ථ කර්තෘවරයෙක්, කලාකරුවෙක් නොබෙල් සම්මානලාභියෙක් වන නෙරුදා ලංකාවට ඇවිත් ගත කළ මුල් දවස් ටික. ලයනල් වෙන්ඩ්ට්ගේ ගෙදරට නෙරුදා දාපු නම තමයි ‘ඇල්බොරාදා’.
අශෝක හඳගමයන් "ඇල්බොරාදා" සිනමාවට නඟන්නේ නේරූදා ලියා තැබූ විස්තර අධ්‍යයනයකින් පසුව කළ ප්‍රබන්ධයකින්. ස්පාඤ්ඤ නළුවකු වන Luis J Romero හා ප්‍රංස නිළියක වන Anne Solenne Hatte මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඊට අමතරව රිතිකා කොඩිතුවක්කු, මැල්කම් මචාඩෝ, Dominic Keller, නිම්යා හැරිස්, තුසිත ලක්නාත්, කෞශල්‍යා මෙන්ඩිස්, සමන්ත බාලසූරිය, කසුන් පෙරේරා සහ කාන්චනා නන්දනී රංගනයෙන් දායක වී තිබෙනවා.
"ඇල්බොරාදා" සමඟ තරග වදින සිනමා කෘති වන්නේ
1 Arisaka (The Philippines), dir: Mikhail Red
2 Californie (Italy),
dir: Alessandro Cassigoli, Casey Kauffman
3 Crane Lantern (Azerbaijan), dir: Hilal Baydarov
4 The Daughter (Spain), dir: Manuel Martín Cuenca
5 The Dawning Of The Day (Sri Lanka),
dir: Asoka Handagama
6 The Four Walls (Turkey), dir: Bahman Ghobadi
7 Hommage (South Korea), dir: Shin Su-won
8 Just Remembering (working title) (Japan),
dir: Daigo Matsui
9 La Civil (Belgium, Romania, Mexico),
dir: Teodora Ana Mihai
10 One And Four (China), dir: Jigme Trinley
11 The Other Tom (Mexico, US),
dir: Rodrigo Plá, Laura Santullo
12 Poet (Kazakhstan), dir: Darezhan Omirbaev
13 Payback (The Philippines),
dir: Brillante Ma Mendoza
14 Third Time Lucky (Japan), dir: Tadashi Nohara
15 Vera Dreams Of The Sea (Kosovo, Albania, North Macedonia), dir: Kaltrina Krasniqi