ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලිය ශූරයා ධනුෂ්ක සහ ශූරිය ටමාදි | සිළුමිණ

ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලිය ශූරයා ධනුෂ්ක සහ ශූරිය ටමාදි

ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ 2021 ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියේ ශූරයා ලෙසින් අභිෂේක ලැබීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ධනුෂ්ක විජේසිංහ සම්මාන ලබද්දී ජාතික කනිෂ්ඨ ශූරිය ලෙසින් අභිෂේක ලැබීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාදි කවින්ද්‍යා සමත් වූවා ය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති මෙම තරගාවලිය පසුගිය කාලයේ පැවැති කොරෝනා තත්ත්වයන් හේතුවෙන් කල් දමන ලද 2021 වසරට අදාළ තරගාවලියයි.

ජාතික කනිෂ්ඨ ශූරයා ලෙස නම් කෙරුණ ධනුෂ්ක විජේසිංහ වයස අවුරුදු 19න් පහළ වයස අවුරුදු 17න් පහළ ඒකල ඉසව් ද්විත්වයේ ශූරතා දිනාගත් ගත්තේය. ජාතික කනිෂ්ඨ ශූරිය ලෙසින් නම් කෙරුණ ටමාදි කවින්ද්‍යා වයස අවුරුදු 13න් පහළ සහ වයස අවුරුදු 15න් පහළ ඒකල ඉසව් ද්විත්වයේ ශූරතා දිනා ගත්තා ය.

මීට අමතර ව වයස අවුරුදු 19න් පහළ ඉසව්වලට ක්‍රීඩා කළ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර එහි ඒකල ශූරතාව සහ මිශ්‍ර යුගල ශූරතාවන් දිනා ගනිමින් ශූරතා ද්විත්වයක් දිනා ගනිමින් දක්ෂතා දැක් වුවා ය.

තරග ප්‍රතිඵල

වයස අවුරුදු 11න් පහළ

බාලක ; අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නවිරු නෙත්සිත විසින් 15/13, 11/07ක් සහ 11/05ක් ලෙසින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඔෂඳ උපේක්ෂණ පරාජය කරන ලදි.

බාලිකා ; කෑගල්ල සාන්ත ජෝසප් විද්‍යාලයේ අනුදි ආරියරත්න විසින් 11/09, 07/11, 11/05ක් සහ 12/10ක් ලෙසින ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මුතුලි සහන්‍යා පරාජය කරන ලදි.

වයස අවුරුදු 13න් පහළ

බාලක ; මහනුවර හිල් කන්ට්‍රි ජාත්‍යන්තර පාසලේ ශෆිඋල්ලා අක්‍රම් විසින් 11/07, 12/10ක් සහ 11/08ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිත් බටුගෙදර පරාජය කරන ලදි.

බාලිකා ; අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාදි කවින්ද්‍යා විසින් 11/05, 11/02ක් සහ 11/03ක් ලෙසින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සිනෙත්මි තෙසන්‍යා පරාජය කරන ලදි.

වයස අවුරුදු 15න් පහළ

බාලක ; කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිත බටුගෙදර විසින් 11/07, 11/08ක් සහ 11/07ක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ තිසුම් ගමගේ පරාජය කරන ලදි.

බාලිකා ; අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාදි කවින්ද්‍යා විසින් 11/06, 11/03ක් සහ 11/07ක් ලෙසින් කොළඹ මියුසියස් විද්‍යාලයේ මෙකෙල්‍යා ප්‍රනාන්දු පරාජය කරන ලදි.

වයස අවුරුදු 17න් පහළ

බාලක ; මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ධනුෂ්ක විජේසිංහ විසින් 11/07, 11/08ක් සහ 15/13ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක ගුණවර්ධන පරාජය කරන ලදි.

බාලිකා ; අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ලෙසන්‍යා සෙතුම්දී විසින් 11/03, 11/04ක් සහ 11/07ක් ලෙසින් අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ හේෂි නිර්මි පරාජය කරන ලදි.

වයස අවුරුදු 19න් පහළ

බාලක ; මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ධනුෂ්ක විජේසිංහ විසින් 11/07, 12/10, 09/11, 11/07ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ යසිරු මලීෂ පරාජය කරන ලදි.

බාලිකා ; මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර විසින් 11/06, 11/07 සහ 11/05ක් ලෙසින් අම්බන්ගොඩ ප්‍රජාපති බාලිකා විද්‍යාලයේ නදිති රෙහන්සා පරාජය කරන ලදි.

බාලක යුගල ; මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ යසිරු මලීෂ සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ හසිත උදාර විසින් විසින් 11/06, 11/07/ 08/11ක් සහ 11/08ක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ තිසුම් ගමගේ සහ දනුක් ළමාසූරිය පරාජය කරන ලදි.

බාලිකා යුගල; අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දිව්‍යා ධාරණී සහ ලෙසන්‍යා සෙතුම්දී විසින් 08/11, 11/08, 11/08, 06/11 සහ 11/05ක් ලෙස අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ හේෂි නිර්මි සහ කොළඹ මියුසියස් විද්‍යාලයේ ෂෙනාලි මෙන්ඩිස් පරාජය කරන ලදි.

මිශ්‍ර යුගල ; ICBT හි චන්දූප අලහකෝන් සහ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර විසින් 05/11, 11/09, 11/08, 04/11ක් සහ 11/08ක් ලෙසින් කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ වරුෂවිතාන සහ අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ නදිති රෙහන්සා පරාජය කරන ලදි.

ජගත් ප්‍රේමචන්ද්‍ර

Comments