පොදුරාජ්‍ය යන රග්බි කණ්ඩායම් දෙකට අත හිත තිදෙනෙකු ගෙන් | සිළුමිණ

පොදුරාජ්‍ය යන රග්බි කණ්ඩායම් දෙකට අත හිත තිදෙනෙකු ගෙන්

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කරන ජාතික රග්බි කාන්තා හා පිරිමි කණ්ඩායම් වෙනුවෙන් නිල ඇඳුම් සඳහා අනුග්‍රාහකත්වය හමීඩියා සමුහ ව්‍යාපාරයේ සිග්නේචර් වෙ‍ෙළඳ නාමය පෙරමුණ ගෙන සිටින අතර, සිග්නේචර් වෙළෙඳ නාමය සමඟ නිපෝන් පේන්ට් හා වේබ්ස් පේ ආයතනය අත්වැල් බැඳගෙන සිටියි.

ආර්ථික අවපාතය හමුවේ අනුග්‍රාහකයන් සොයා ගැනීමේ උනතාවයකින් පෙළෙන මෙම අවස්ථාවේ සිග්නේචර්, නිපෝන් පේන්ට් හා වේබ්ස් පේ ආයතන පෙරට ඇවිත් රග්බි කණ්ඩායම් දෙක උදෙසා මේ ලබාදුන් සහයෝගය ඉතාමත් අගයකොට සලකන අතර ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පළමු වරට කාන්තා කණ්ඩායමක් පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියක් නියෝජනය කරන මෙම අවස්ථාවේ මෙම අනුග්‍රාහකයන් පෙරට ඇවිත් ලබාදෙන අනුග්‍රාහය අගය කොට සලකන බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති රිස්ලි ඉල්යාස් අනුග්‍රහය ප්‍රදානය කළ මාධ්‍ය හමුවේදී පවසා සිටියේය. කොළඹ රාමඩා රේනේෂන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් වැඩිදුරටත් අදස් දක්වමින් පවසා සිටියේ විවිධ බාධක මැද මෙම කණ්ඩායම් පුහුණුවීම් වල නිරතව සිටින අතර මෙවර තරගාවලියේදි මෙරටට ජයග්‍රහණයක් රැගෙන ඒමේ අවස්ථාව විවරව ඇති බවත්ය.

මෙරට ජනප්‍රියතම දෙවන ක්‍රීඩාව වන රග්බි ක්‍රීඩාව හා අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව ලබා දුන් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට කෘතඥතාව පළ කරන බව පවසමින් මාධ්‍ය හමුව ආමන්ත්‍රණය කළ සිග්නේචර් සන්නාම කළමනාකාර අම්ජාඩ් මරික්කාර් පවසා සිටියේය. මෙරට ජාතික රග්බි කණ්ඩායම් වෙනුවෙන් ද සුවපහසු හා සෞඛ්‍ය ආරක්ෂිත නිල ඇඳුම් නිර්මාණය කර දීමට අවස්ථාවක් හිමිවිම ඉතාමත් අගය කොට සලකන බවත් අම්ජාඩ් පැවැසිය.

අපි රග්බි ක්‍රීඩාව සමඟ අත්වැල් බැදගත්තේ ලිග් රග්බි තරගාවලියත් සමඟින්. නමුත් අවාසනාවකට වගේ එම තරගාවලිය අවසන් කිරිමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට නොහැකි වුණා. නමුත් දීර්ඝ කාලින බැඳිමක් වෙනුවෙන් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය වෙනුවෙන් අත් වැල් බැදගත් අපි පොදුරාජ්‍ය මණ්ඩලිය තරගාවලිය වෙනුවෙන්ද, රග්බි ක්‍රීඩාවේ ප්‍රගමනයට දිරි දීමට අප එක්ව සිටිනවා. යැයි මාධ්‍ය හමුවේදී නිපෝන් පේන්ට් සාමාන්‍යාධිකාරී නිමන්ත අබේසිංහයි.

අපි මෙරට ව්‍යාපාරික අවස්ථාවට ප්‍රවිෂ්ට ව දිගු කාලයක් නොවුවත් ඔස්ට්‍රේලියානු රජය වෙනුවෙන් ඩිජිටල් හුවමාරු සමාගමක් ලෙස මෙරට ක්‍රීඩාව හා අත්වැල් බැඳ ගැනීමට අපට අවස්ථාව ලබාදීම ගැන අපි පළමුවෙන් ස්තූති වන්ත විය යුතුයි. අපි මාර්ග ගත ක්‍රමික උපායික ක්‍රම හඳුන්වා දෙන ආයතනයක් ලෙසයි මෙට ස්ථාපිත වි සිටින්නේ. අපි ඉදිරියේදීත් මෙරට ක්‍රීඩාව සමඟ අත්වැල් බැදගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා. යැයි වෙබ්ස් පේ ව්‍යාපෘති කළමනාකාරිනි නතාලියා ෆර්ඩිනැන්ඩ්ස් මාධ්‍ය හමුව අමතමින් පවසා සිටියාය.

Comments