
2022 අයවැය සංශෝධිත පනත් කෙටුම්පත (අන්තර්කාලීන අයවැය) සැප්තැම්බර් මස මුල් සතියේදී මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
එමෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද අගෝස්තු මස 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගියදා නව සභා වාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 9,10 හා 12 වැනිදා සිදු කිරීමට නියමිත අතර, විවාදය අවසානයේදි ඡන්ද විමසීමක් නොපැවැත්වේ.
මේ අතර අහෝසි වූ කාරක සභා අතුරින් ලබන 9 වැනිදා තේරීම් කාරක සභාව පත් කර ගැනීමට නියමිතව ඇතැයි ද වාර්තා වෙයි.
මේ අතර සුපුරුදු පරිදි 2023
අයවැය නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.