අර­ග­ල­ක­රු­වන් ගාලු මුව­දො­රට සමු­දෙ­මින්... | සිළුමිණ

අර­ග­ල­ක­රු­වන් ගාලු මුව­දො­රට සමු­දෙ­මින්...

කුත් අගෝස්තු 5දාට දින 119ක් සම්පූර්ණ වූ ගාලු මුවදොර අරගල භූමියේ කඳවුරු බැඳගත් විශාල පිරිසක් දැන් සිය බඩුබාහිරාදිය නැවත රැගෙන යමින් ගාලුමුවදොරට සමුදෙමින් සිටී. මේ ඉකුත් සිකුරාදා පස්වරු 5.00ට එහි තිබූ දසුනක් සිළුමිණ ඡායාරූප ශිල්පී දුෂ්මන්ත මායාදුන්නේට හසු වූ අයුරුය.

ගාලු මුවදොර භූමියේ තිබූ අනවසර ඉදිකිරීම් සහ එහි ඇති වගාවන් අගෝස්තු 5 සිකුරාදා පස්වරු 5.00ට පෙර ඉවත් කර ගන්නා ලෙස පොලිසිය මඟින් නියෝගයක් කලින් නිකුත් කර තිබීම එයට හේතුව විය. එහෙත් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් පසු අගෝස්තු 10 වෙනිදා දක්වා එම භූමියේ රැඳී සිටීමට ඔවුනට අනුමැතිය හිමි විය.

වසර 1803දී ගාලු මුවදොර පිටිය සුසානභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර 1820දී එම භූමියේ තුරඟ තරග පැවැත්වීමටද කටයුතු යොදා තිබුණි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී එනම් වසර 1856දී ගාලු මුවදොර පිටිය විවේකී සහ ක්‍රීඩා ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර එය මේ දක්වා බල පැවැත්වේ. ගාලු මුවදොර පිටිය අක්කර 12කින් පමණ සමන්විතය.

 

Comments