කත­ර­ගම පාද යාත්‍රා­වට ජන­ප­ති­ගෙන් පහ­සු­කම් | සිළුමිණ

කත­ර­ගම පාද යාත්‍රා­වට ජන­ප­ති­ගෙන් පහ­සු­කම්

 කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැඟෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 21ක පමණ මුදලක් වෙන් කර ඇත.

වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් 30,000කට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එන්නකි.

පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහයන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කිරීමෙන් පසු ඊට අදාළ පහසුකම් සලස්වන ලෙස උපදෙස් ලබා දී තිබේ.

 

Comments