පාතාල වෙඩි තැබී­මෙන් දෙමසකදී 23ක් මරුට | සිළුමිණ

පාතාල වෙඩි තැබී­මෙන් දෙමසකදී 23ක් මරුට

 පසුගිය දෙමසකට ආසන්න කාලයක් තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසක සිදුකළ මිනිස් ඝාතන සංඛ්‍යාව 23කි. මේ සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශයක් මඟින් විමර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

ප්‍රසිද්ධියේම ගිනි අවි භාවිතය මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව අපරාධ සම්බන්ධ සමාජ විචාරකයන් විසින් පෙන්වා දී ඇති අතර මේ සම්බන්ධයෙන් මෙරට සහ විදෙස් රටවල සිට අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙහෙයවන සියලු පුද්ගලයන් මේ වන විටත් හඳුනාගෙන ඇත. ඔවුන් හා ඍජු සබඳතා පවත්වන පුද්ගලයන් පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කර අදාළ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීම මේ අංශය හරහා සිදු කිරීමට නියමිතය.

 

Comments