වැස්ස 10 තෙක් | සිළුමිණ

වැස්ස 10 තෙක්

 දිවයින පුරා බලපවත්වා ඇති අයහපත් කාලගුණික තත්ත්වය එළැඹෙන 10 වෙනිදා බදාදා දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සිළුමිණට කීය.

නිරිත දිග මෝසම සක්‍රිය වී ඇති හෙයින් අධික වර්ෂාව ටික දිනක් පවතින බව පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ බස්නාහිර පළාතේ වැසි තත්ත්වය පහව යමින් තිබෙන බවයි. එසේ වුවත් මධ්‍යම හා සබරගමුව පළාතේ තත්ත්වය 10 වෙනිදා දක්වා පැවැත්වෙන බවද ඔහු පැවසුවේය.

වැසි සහිත මීදුම් තත්ත්වය නිසා මධ්‍යම කඳුකරයේ ගමනාගමනය දැඩි අපහසු වී ඇති බැවින් අත්‍යවශ්‍ය ගමන් හැර මධ්‍යම කඳුකරයේ අනෙකුත් ගමන්වල නොයෙදෙන ලෙසද ජනාවගෙන් ඉල්ලීමක් කෙරේ.

 

Comments