විග­ණන පන­තින් මුදල් අව­භා­වි­ත­යට වැට | සිළුමිණ

විග­ණන පන­තින් මුදල් අව­භා­වි­ත­යට වැට

ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයත් සමඟම විගණන පනත බලාත්මක වන බවත් ඒ සමඟම සියලු මැති ඇමැතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද විගණනයට යටත්වන බව විදේශ රැකියා සහ කම්කරු ඇමැති මනූෂ නානායක්කාර සිළුමිණට කීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටත් වඩා මේ පනතින් බලය හිමිවන බව පෙන්වා දුන් ඇමැතිවරයා පැවසුවේ නව තාක්ෂණයත් සමඟ මේ පනත බලාත්මක කරනු ලබන බවයි. ඒ අනුව මෙරට සියලු විගණන කටයුතු ඉතා පහසු වන බවත් වසර ගණන් අධිකරණයේ නඩු කටයුතු ගොනුවීම වළකින බවද පෙන්වා දුන්නේය.

පනතට අනුව රජයේ දේපළක් සොරකම් කිරීම විනාශ කිරීම හෝ අවභාවිතයේදී එම මුදල් අයකර ගැනීමේ අධිභාර පැනවීමේ බලතලද විගණන පනතට අනුව හිමිවනු ඇත.

 

Comments