නොරොච්චෝලේ අක්‍රීය වූ පළමු ජනන යන්ත්‍රය යළි සක්‍රීයයි | සිළුමිණ

නොරොච්චෝලේ අක්‍රීය වූ පළමු ජනන යන්ත්‍රය යළි සක්‍රීයයි

 
අක්‍රියව පැවැති නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි. 
 
ඒ අනුව මෙගාවොට් 300 විදුලි ධාරිතාවක් ඊයේ(26) පස්වරුවේ සිට ජාතික පද්ධතියට යළි එක්වේ.
 
මීට පෙර සිදු වූ විදුලි කප්පාදුව පය 03ක් දක්වා වැඩි කිරීමට කටයුතු කෙරුණේ පසුගිය 15 වැනිදා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වීම සහ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් නිසා නවතා දැමීම හේතුවෙනි.

Comments