ඇෆ්ගනිස්තානයට පහසු ජයක් | සිළුමිණ

ඇෆ්ගනිස්තානයට පහසු ජයක්

 
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (27) පැවති ආසියානු කුසලාන තරගයෙන් කඩුලු 08ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් විය.
 
ප්‍රබල පන්දු යැවීමක නිරත වූ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.4කදී ලකුණු 105කට සීමාකිරීමට සමත්වූහ.
 
අනතුරුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 106 කඩුලු දෙකක් පමණක් දැවී ලබාගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත්වූහ.
 
පන්දුවාර 10.1කදී ඔවුන් සිය ඉලක්කය සම්පූර්ණ කළේය.
 
ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය - පාකිස්තාන තරඟය අද(28) පැවැත්වෙනු ඇත.

Comments