ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව 06වැනි ස්ථානයට | සිළුමිණ

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව 06වැනි ස්ථානයට

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ලොව 6වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරී අඩ්ජේ මහතා පවසයි.
 
එමෙන්ම දකුණු ආසියාවේ උග්‍ර මන්දපෝෂණ අනුපාතයක් ඇති රටවල් අතර දෙවන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.
 
"මානව සංවර්ධනය අතින් ගත්තම ශ්‍රී ලංකාව තරුවක්. විශේෂයෙන්ම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත‍්‍රවලින් අනික් රටවලට ආදර්ශයක්. හැබැයි යුනිසෙෆ් තක්සේරුවට අනුව මෙරට දරුවන් මිලියන දෙකයි දශම තුනක් එනම් සෑම ළමුන් දෙදෙනෙකුගෙන්ම එක් අයෙකුට යම් ආකාරයක හදිසි ආධාර අවශ්‍යයයි. වයස අවුරුදු 5ට අඩු ළමුන් අතර දැනටමත් දකුණු ආසියාවේ දෙවන ඉහළම උග‍්‍ර මන්දපෝෂණ අනුපාතය ඇති රට ශ්‍රී ලංකාවයි. ගෝලීය වශයෙන් ගත්තොත්  ශ්‍රී ලංකාව ඉන්නේ 6 වෙනි තැන.පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරටට අවශ්‍ය අරමුදල් රැස් කිරම කඩිනමින් විය යුතුයි. '' යැයි ජෝර්ජ් ලැරී අඩ්ජේ මහතා සදහන් කළේය. 
 
"ශ්‍රී ලංකාවේ මා දුටු දෙය දකුණු ආසියාවේ අනෙකුත් රටවලට අනතුරු ඇඟවීමක්” බවද ඔහු වැඩිදුරටත් පැවසීය. 
 
 

Comments