
අභාවප්‍රාප්ත වේල්ස් කුමරිය ඩයනා භාවිතා කළ ෆෝඩ් වර්ගයේ මෝටර් රථයක් බ්‍රිතාන්‍ය පවුම් 650, 000කට වෙන්දේසි වී තිබේ.
මීට වසර 25 කට පමණ පෙර මිය ගිය ඩයනා කුමරිය 1985 අගෝස්තු මාසයේ සිට වසර තුනකට ආසන්න කාලයක් කළු පැහැති ෆෝඩ් එස්කෝර්ට් ආර්එස් ටර්බෝ රථය පැදවූවාය.
ඇය වෙල්සියේ සහ කෙන්සිංටන්හි බුටික් සාප්පු වලින් පිටත මෝටර් රථය සමඟ ඡායාරූපගත කර ඇත.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2021 වසරේ දී ඩයනා කුමරිය භාවිත කළ මෝටර් රථයක් බ්‍රිතාන්‍ය පවුම් 52, 000කට වෙන්දේසි වී ඇති බවයි.