
“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සංවිධාන කර ඇති සංවාදමය කථිකාව අගෝස්තු 31 වැනිදා පැවැත්වෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා නිවේදනය කරයි.
“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම” යන මැයෙන් 2022 අගෝස්තු 30 අඟහරුවාදා ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සංවාදමය කථිකාව, නොවැළැක්විය හැකි හේතුවක් මත එදින නොපැවැත්වෙන බවත් එම වැඩසටහන 2022 අගෝස්තු 31 බදාදා ප.ව 2.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට අද(29) නිවේදනය කළේය.
පාර්ලිමේන්තු විවාදයන්හිදී, මූල්‍යමය කාරණා සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ක්‍රියාකාරි සහභාගිත්වය තහවුරු කිරීම සහ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථික මඟ පිළිබඳ ඵලදායී කථිකාවක් ඇති කිරීම වෙනුවෙන් සංවිධාන කර ඇති මෙම වැඩසටහන ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙහෙයවීමට නියමිතය.