ආණ්ඩුව ජාතික සභාව විසි කරලා - ශ්‍රීල­නිප මහ ලේකම් | සිළුමිණ

ආණ්ඩුව ජාතික සභාව විසි කරලා - ශ්‍රීල­නිප මහ ලේකම්

ටේ පවත්නා වත්මන් අර්බුදය විසඳීම වෙනුවෙන් ජාතික සභාවක් ස්ථාපිත කර ඒ ඔස්සේ රටට අවශ්‍ය අවම ඇමැති මණ්ඩලයක් තෝරා පත් කර ගැනීමට කළ යෝජනා සියල්ල පසෙක තබා ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සිළුමිණට කීය.

සියලු පක්ෂවලින් සැදුම්ලත් සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම මෙන්ම  ආංශික කමිටු ඔස්සේ සියලු කටයුතු සිදු කිරීමට යෝජනා වුවද ඒ කිසිවක් නොසලකා රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනකු පත්කිරීම තුළින් රටේ ආර්ථිකය තවත් පහතට වැටෙන බවද ඔහු පැවසුවේය. මේ අවස්ථාවේදී රටට අවශ්‍ය වන්නේ මැති ඇමැතිවරුන් නොවන බවත් රටේ ජනතාවට තම අත්‍යවශ්‍ය කටයුතු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම බවත් පෙන්වා දුන් ජයසේකර මහතා එවන් තත්ත්වයක් ඉටු කරන්නට ආණ්ඩුවේ කිසිදු සැලසුමක් නොමැති බවද කීවේය.

 

Comments