
මෙරටට විශාල විදේශ විනිමයක් ලබාදෙන ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ පා ඇති වත්මන් අභියෝග හඳුනා ගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය සහ අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු ක්ෂේත්‍රයේ කටයුතුවලට බලපා ඇති අන්දම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයට යොමු විය. එසේම මේ වන විට ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු විසඳීමට හා එහි සේවයේ නිරත වූවන්ගේ රැකියා සුරක්ෂිතතාවයට බලපා ඇති අහිතකර බලපෑම් හඳුනා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කර තිබුණි
එහිදී ඇඟලුම් ක්ෂේත්‍රය තුළ මතුව ඇති පසුබෑම මඟහරවා ගනිමින් එහි ඉදිරි වර්ධනයට ගතයුතු කඩිනම් පියවර පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර තරඟකාරී වෙළෙඳපොළ ඉලක්ක ජය ගැනීමට සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත් කම ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.