රාජ්‍ය ඇමැ­ති­වරු පත්කි­රීම මුදල් අපතේ යැවී­මක් නොවේ - ඇමැති මහින්ද අම­ර­වීර | සිළුමිණ

රාජ්‍ය ඇමැ­ති­වරු පත්කි­රීම මුදල් අපතේ යැවී­මක් නොවේ - ඇමැති මහින්ද අම­ර­වීර

ඇමැති මහින්ද අම­ර­වීර

රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම පිළිබඳ විවිධ මත පළ කරන නමුත් එම රාජ්‍ය ඇමැතිවරුන්ට සියලු පහසුකම් ලබා නොදෙන බවත්, රාජ්‍ය ඇමැතිවරුන්ට හිමි වන්නේ මන්ත්‍රී වැටුප පමණක් බවත් වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ නව රාජ්‍ය ඇමැතිවරුන්ට වගකීම් පැවැරීම තුළින් රට ගොඩ නැඟීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ කඩිනම් කිරීමට හේතු වන බවයි. කැබිනට් ඇමැතිවරුන් යටතේ ආවරණය නොවූ අමාත්‍යාංශ  අතිවිශාල මුදලක් වැයවන්නේ ඔවුන්ගේ කාර්යාල, කාර්යමණ්ඩල හා වාහන ආදියට බවයි. කාර්යාල පවත්වාගෙන යාමට හා කාර්යමණ්ඩල වෙනුවෙන් දරන්නට වන වියදම නොසලකා මේ වියදම් පෙන්වා දී ඇති බව පැවසූ මද්දුම බණ්ඩාර මහතා වාහන, ඉන්ධන හා රියැදුරු වැටුප් ඇතුළු සියල්ලම රාජ්‍ය අමාත්‍යවරුන් සියලු දෙනා වෙනුවෙන් වැය කළ යුතු බව කීවේය. මෙය හුදෙක් බලය ආරක්ෂා කර ගැනීමට කළ පත්කිරීමක් බව පෙන්වා දුන් මහලේකම්වරයා කීවේ ශ්‍රී ලංකාවට 15 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් හොඳටම ප්‍රමාණවත් බවයි.

 

 

Comments