ලොකු ලූනු අස්වැන්න මෙදා සරුයි | සිළුමිණ

ලොකු ලූනු අස්වැන්න මෙදා සරුයි

ඹුල්ල , සීගිරිය ඇතුළු ගොවිජන සේවා බල ප්‍රදේශ ගණනාවක වගා කෙරුණු දේශීය ලොකු ලූනු අස්වැන්න නෙළීම මෙම දිනවල ආරම්භ වී තිබේ. එම අස්වනු වෙ‍ෙළඳපොළට යොමු වීමත් සමඟ දේශීය ලොකු ලූනු කිලෝවක උපරිම තොග මිල රුපියල් 80 සිට 140 දක්වා පහත වැටී ඇත. මෙයට පෙර දේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 250ත් 280ත් අතර විය. මේ අතර ලොකු ලූනු ගොවි සංවිධාන පවසා සිටින්නේ අස්වැන්න නෙළීම ආරම්භ කොට ඇති අතර මෙවර වියදම් කළ මුදලවත් ලබාගැනීමට නොහැකි බවය. එබැවින් ලොකු ලූනු සඳහා ආනයනික බද්දක් පනවන ලෙස ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටිති.

(ඡායාරූපය - කංචන ආරියදාස, දඹුල්ල)

 

Comments