හෙළ ඔසුසැල්වල දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ නව වැඩපිළිවෙළක් | සිළුමිණ

හෙළ ඔසුසැල්වල දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ නව වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට අයත් හෙළ ඔසුසැල් පරිශ්‍ර තුළ දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් ක්‍රියාත්මක කර ඇත.
 
ඒ යටතේ කිරිබත්ගොඩ හෙළ ඔසුසැල් සායන මධ්‍යස්ථානය තුළ ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමේ ඊයේ(13) සිදු කෙරිණ.
 
ප්‍රතිකාර සේවා ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. 
 
මෙම වැඩපිළිවෙල දිවයින පුරා පිහිටි ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරනු ලබන හෙළ ඔසුසැල් තුළ සතියේ දින 07 ම ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී දිවයිනේ ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ඉතා සහනදායී මිල ගණන් යටතේ ලබා දීමට කටයුතු යොදා තිබේ.
 
එහිදී සර්වාංග රෝග, කැඩුම් බිඳුම්, කාන්තා රෝග ඇතුළු රෝග රැසක් සඳහා ප්‍රතිකාර සේවා ලබා දීම සිදු කරනු ලබයි.

Comments