පාඨලීට එරෙහි නඩුවකට අතුරු තහනම් නියෝගයක‍් | සිළුමිණ

පාඨලීට එරෙහි නඩුවකට අතුරු තහනම් නියෝගයක‍්

2016 රාජගිරියේ රිය අනතුරු නඩුවට අදාළව පාඨලී චම්පික රණවකට එරෙහි මහාධිකරණ නඩු විභාගය 2023 මාර්තු 15 දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගය ලබා දී තිබෙයි.
 
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රියපදවා බරපතළ අනතුරක් සිදුකොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ ඔහුට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
 
පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

Comments