ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක් | සිළුමිණ

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණ ද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 
 
කෙසේ වෙතත් මෙහිදී සේවා සැපයීම සිදු කරන්නේ  එක්දින හා සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දින සහ වේලාවන් වෙන්කරවා ගත් අයදුම්කරුවන් වෙනුවෙන් පමණක් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
 
 එම දෙපාර්තමේන්තුව සපයන සෙසු සේවාවන් එදින සැපයීම සිදු නොවෙයි.
 
මේ හේතුවෙන් කිසිඳු හේතුවක් මත කලින් දින හා වේලාවන් වෙන් කර නොගත් කිසිවෙකු එදිනට නොපැමිණෙන ලෙසට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.

Comments