
විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතරකර ඇති බව වාර්තා වෙයි.
විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට පරිඝණක පද්ධතියේ අළුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර එය යථාතත්වයට පත්කළ පසු නැවත දැනුම් දෙන බවය.
කෙසේවෙතත් අනෙකුත් කන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.