මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා | සිළුමිණ

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්ලුපිටිය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබෙයි.
 
මෙම අනතුර හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වෙයි.
 
දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බැවින් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රියවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.
 

Comments