
හෙට(25) හිරු බැසයාමට ආසන්නයේදී ඉතා සුළු මට්ටමෙන් දිස්වන අර්ධ සූර්යග්‍රහණයක් බටහිර ක්ශිතිජයට ආසන්නව දැකගත හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වේ. ලංකාවේ අපට ග්‍රහණය හොඳින්ම දිස්වනුයේ යාපනය ප්‍රදේශයට බව චන්දන ජයරත්න මහතා කියා සිටියි.
යාපනය නගරයට මෙම අර්ධ සූර්යග්‍රහණය ප.ව. 5.27 සිට නිරීක්ෂණය කළ හැකි අතර උපරිම අවස්ථාව ප.ව. 5.46 ට ද සිදුවේ. එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 8.8% ක් පමණ ප්‍රමාණයක් ආවරණය කරයි. ග්‍රහණ අවසානය ප.ව. 6.20 ට සිදුවන මුත් යාපනයට හිරු බැසයාම පස්වරු ප.ව. 5.49 ට සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 22 ක පමන කාලයක් යාපනයට දිස්වේ.
අනුරාධපුර සිට යාපනය දක්වා වන උතුරු ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දී මෙම සූර්යග්‍රහණය නැරඹීමට සුදුසුම කලාපය වේ.
කොළඹ නගරයට අර්ධ සූර්යග්‍රහණය ප.ව. 5:43 සිට නිරීක්ෂණය කළ හැකි අතර, උපරිම ග්‍රහණ අවධිය ප.ව. 5:49 ට සිදුවන අතර එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 1.6% ක් පමණ සුලු ප්‍රමාණයක් ආවරණය කරයි. කොළඹට හිරු බැසයාම පස්වරු ප.ව. 5:52 ට සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 9 ක පමන කාලයක් කොළඹ ප්‍රදේශයට දිස්වේ.
ලංකාවේ දකුණු දිග ප්‍රදේශවලට මෙම ග්‍රහණය දිස් නොවේ.
හිරු බැසයාමට ඉතා අසන්නයේ පිහිටන සූර්ය රශ්මිය ඉතා අඩු විටෙකදී මෙම ග්‍රහණය සිදුවන බැවින්, ග්‍රහන උපරිම අවස්තාවේ දී සහ ඊට පසුව සූර්ය පෙරහණක් නොමැතිව වුවද පියවි ඇසින් තත්පර 30 ක ට අඩු කෙටි කාලයක් එදෙස බලා සිටියාට ඇස් වලට හානියක් සිදුනොවනු ඇති බව ද මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය. නැවතත් සූර්යග්‍රහණයක් ලංකාවට දිස්වනුයේ වසර 5කට පසුව එනම් 2027 අගොස්තු 02 වැනිදාය.
පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදු වේ. එවිට සඳෙහි සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි. සූර්යග්‍රහණයක් ඇතිවනුයේ අමාවක දිනකදීය.