රක්ෂණ සමාගමට නව සභාපතිවරයෙක් | සිළුමිණ

රක්ෂණ සමාගමට නව සභාපතිවරයෙක්

නව සභාපති ලෙස රමල් ජාසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කැලූම් සේනානායක

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම (Arpico Insurance PLC), එහි විධායක නොවන සභාපතිවරයා ලෙස රමල් ජාසිංහ පත් කරන ලද බව නිවේදනය කළේය. 2023 ජූලි 05 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති අතර වසර කිහිපයක් මුලූල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විවිල් පෙරේරාගේ විශ්‍රාම ගැනීමෙන් පසුව ජාසිංහ එම තනතුරට පත් විය.

ඔහුගේ නවතම භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් රමල් ජාසිංහ පැවසුවේ, ”ආර්පිකෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ දුරදර්ශී මග පෙන්වීමෙන් සන්නද්ධ, රිචඩ් පීරිස් සහ සමාගමෙහි ස්ථාවරත්වය කැටුව, මාගේ පෙර සගයකු වන ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කැලූම් සේනානායක සමඟින් නැවතත් වැඩ කරන්න ලැබීම මට ඉමහත් සතුටක්. සමාගමට තව තවත් ඉදිරියට යාම සඳහා විශිෂ්ට හැකියාවක් ඇති අතර, සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව මට ලොකු විශ්වාසයක් තියෙනවා. එය ආර්පිකෝ රක්ෂණ සමාගම, ක්ෂේත්‍රය තුළ වඩාත්ම ලාභදායී සමාගමක් බවට පත් කිරීමේ දැක්මට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙම සියලූ සුවිශේෂී හැකියාවන් තුළින් Arpico Insurance නාමය තව තවත් ශක්තිමත් කිරීමටත් ඒ හරහා අපගේ ගනුදෙනුකරුවන්ට පිරිනැමෙන වටිනාකම, ආරක්ෂාව සහ සේවාව පුළුල් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

නව සභාපති ලෙස රමල් ජාසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කැලූම් සේනානායක

Comments