කොමර්ෂල් බැංකුවෙන් ‘Leasing Fiesta’ නැවතත් | සිළුමිණ

කොමර්ෂල් බැංකුවෙන් ‘Leasing Fiesta’ නැවතත්

වාහන ලීසිං සඳහා වෙළඳපොලේ පවතින අඩුම මිල ගණන් සහ අනෙකුත් ප්‍රතිලාභ පිරිනමමින් කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය සීමිත කාලීන ප්‍රවර්ධනය මෙම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නැවතත් පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව සිය ‘ලීසිං ෆියෙස්ටා’ ප්‍රවර්ධනය 2023 සැප්තැම්බර් 27 දක්වා ක්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇති අතර, ඒ යටතේ වසර පහක කල්බදු සඳහා සෑම රුපියල් 100,000 කට ම රුපියල් 2094 සිට වන මාසික වාරික ලබා දෙයි. පුද්ගලික භාවිතය සඳහා නව හෝ පෙර භාවිත කළ වාහන මිලදී ගැනීම, වාණිජ සහ කෘෂිකාර්මික වාහන සහ යන්ත්‍රෝපකරණ මෙම ප්‍රවර්ධනය මගින් ආවරණය කෙරේ.

තවද, රක්ෂණ වාරික පියවීම සඳහා පහසු ගෙවීමේ සැලසුම්, අමතර කොටස් මිලදී ගැනීමේදී සහ වාහන නඩත්තු සේවා සඳහා වට්ටම් ලබා දීම වැනි විශේෂ ප්‍රතිලාභ, කඩිනම් සහ කරදරයකින් තොර ක්‍රියාවලියක් සහ ඉක්මන් ලීසිං පහසුකම් කිරීම් ද සංවිධානය කරන බව බැංකුව පවසයි.

මීට අමතරව, බැංකුවේ සුපර් ලීසිං සහ හයිබ්‍රිඩ් ලීසිං පහසුකම් ඇතුළුව තනි පුද්ගල ආදායම් රටාවන්ට ගැළපෙන පරිදි සකස් කළ ලීසිං පැකේජ ගනුදෙනුකරුවන්ට ලබාගත හැකිය.

Comments