2023 ලෝක ළමා දිනයට විෂන් කෙයා වෙතින් දීප ව්‍යාප්ත චිත්‍ර තරගාවලියක් | සිළුමිණ

2023 ලෝක ළමා දිනයට විෂන් කෙයා වෙතින් දීප ව්‍යාප්ත චිත්‍ර තරගාවලියක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, 2023 ලෝක ළමා දිනයට සමඟාමීව “පාට සිත්තම්” නමින් දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියක් සංවිධානය කර තිබේ. මේ සඳහා සෑම වයස් කාණ්ඩයකම පාසල් සිසු සිසුවියන්ට සහභාගී විය හැකි අතර වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග 100 කට අධික ප්‍රමාණයක් දිනා ගැනීමට අවස්ථාව උදාවෙයි.

‘මගේ දෑසින් හෙට ලොව‘ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම දීප ව්‍යාප්ත චිත්‍ර තරගාවලිය මූලික ප්‍රාථමික (1,2,3 ශ්‍රේණි), මූලික ද්විතීයික (4,5,6 ශ්‍රේණි), කනිෂ්ඨ (7,8,9 ශ්‍රේණි) ජ්‍යෙෂ්ඨ (10, 11 ශ්‍රේණි), ජ්‍යෙෂ්ඨ ද්විතීයික (12, 13 ශ්‍රේණි) යන වයස් කාණ්ඩ පහක් යටතේ පැවැත්වේ. අවසන් වටයෙන් තේරී පත් වන ජයග්‍රාහක ජයග්‍රහිකාවන් සඳහා මුදල් ත්‍යාග, වටිනා ත්‍යාග සහ සහතික පත් ලබාදෙන අතර විශිෂ්ට සම්මාන, සම්මාන සහ කුසලතා යන කාණ්ඩ සඳහා ද වටිනා මුදල් ත්‍යාග පිරිනමනු ලබයි.

මේ සඳහා සහභාගි වීමට කැමැත්තක් දක්වන දරුවන්ට අඟල් 18×14 ප්‍රමාණයේ කඩදාසි, බෝඩ්, කැන්වස් හෝ ඕනෑම මතුපිටක (තිරස් හෝ හරස් අතට) දියසායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, ඇක්‍රලික්, තෙල් සායම් ආදී ඕනෑම වර්ණ මාධ්‍යයක් භාවිතා කරමින් සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. සියලුම නිර්මාණ පාසලේ විදුහල්පතිවරයා, පන්ති භාර ගුරුවරයා හෝ විෂය භාර ගුරුවරයා විසින් සහතික කළ යුතු අතර 2023 සැප්තැම්බර් 20 වැනි දින හෝ ඊට පෙර, දිවයිනේ පිහිටි ඕනෑම විෂන් කෙයා ශාඛාවකට පැමිණ අයදුම්පත පුරවා නිර්මාණ භාර දිය හැකිය. අවසන් තරගය පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය පසුව දැනුම් දෙනු ලැබේ.

Comments