NOC SRI LANKA CRYSBRO NEXT CHAMP දෙවැනි අදියර ඇරඹේ | සිළුමිණ

NOC SRI LANKA CRYSBRO NEXT CHAMP දෙවැනි අදියර ඇරඹේ

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ක්‍රිස්බ්‍රෝ සමාගම එක්වෙමින් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාවක් සහිත ජාතික තලයේ දක්ෂතා දැක්වූ ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත ඔසවා තබමින් ඔවුන් සවිබල ගැන්වූ “NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” වැඩසටහනේ දෙවැනි අදියර මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා දියත් කෙරිණ. මීට වසර 5කට පෙර ආරම්භ කළ “NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” වැඩසටහනේ පළමු අදියර තුළ ජාතික මට්ටමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු තෝරා ගනිමින් ඔවුන් වෙත අඛණ්ඩව ක්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනැමීම මෙමගින් සිදු කෙරිණ.

“NOC SRI LANKA - CRYSBRO NEXT CHAMP” දෙවැනි අදියර තුළ තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13දෙනෙකු වෙත ක්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනමන ලදි. NEXT CHAMP වැඩසටහන සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම, ඔවුන්ගේ දෙස් විදෙස් පුහුණු වැඩසටහන් සැසිවාරයන් ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදු කරන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය ඇතුළුව මූල්‍ය අනුග්‍රාහකත්වය ක්‍රිස්බ්‍රෝ විසින් ලබා දෙනු ඇත.

Comments