SDB බැංකුව 26 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි | සිළුමිණ

SDB බැංකුව 26 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

නව්‍ය බැංකුකරණ විසඳුම් තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු සුවහසක් ප්‍රගතිශීලී ශ්‍රී ලාංකිකයින්ගේ නූතන අවශ්‍යතාවන් සපුරාලමින් දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ සුපැහැදිලි දැක්මක් මත ගොඩනැඟු‍ණු SDB බැංකුව මෙම අගෝස්තු මස සිය සාඩම්බර 26 වැනි සංවත්සරය සමරයි. සියවසකින් කාර්තුවකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයින් සහ ප්‍රජාවන් සවිබල ගන්වමින් ඒ හරහා ආර්ථික සමෘද්ධියට දේශය මෙහෙයවූ SDB බැංකුව වටිනාකම් පෙරදැරි කරගත් බැංකුකරණයට හොඳම උදාහරණයකි. තවත් ජයග්‍රාහී වසරක ආරම්භය සනිටුහන් කරන මේ මොහොතේදීSDB බැංකුව පසුගිය වසර 26 පුරා අඛණ්ඩ ප්‍රගතිය සහ තිරසරත්වය වෙනුවෙන් කළ නොසැලෙන කැපවීම් සාඩම්බරයෙන් සිහිපත් කර සිටී.

SDB බැංකුව ආරම්භයේ සිටම ප්‍රගතිය සහ සවිබල ගැන්වීම වෙනුවෙන්ම කැප වී සිටි බැංකුවකි. බැංකුවේ සමාරම්භය පදනම් වන ප්‍රතිපත්ති අනුව යමින් සිය ගනුදෙනුකරුවන් හා සවිමත් සබඳතාවයක් ගොඩනඟා ගෙන ඇති SDB බැංකුව ඔවුන්ගේ ජීවිතවල ජයග්‍රාහී සහ අභියෝගාත්මක කාල පරිච්ඡේදයන් තුළ එක ලෙස නොවෙනස්ව ඔවුනට සවියක්ව සිට ඇත.

 

Comments