‘අස්වැසුම’ දෙවන අදියරේ ප්‍රතිලාභීන්ට මුදල් ගෙවයි | සිළුමිණ

‘අස්වැසුම’ දෙවන අදියරේ ප්‍රතිලාභීන්ට මුදල් ගෙවයි

‘අස්වැසුම’ දෙවන අදියර ලෙස ප්‍රතිලාභීන් 257,170ක් සඳහා ජූලි මසට අදාළ රු. මිලියන 1550ක මුදලක් බැංකු වෙත බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
 
ඔහු මේ බව සඳහන් කළේ, අද (07) Xහි සටහනක් තබමිනි.
 
ඒ අනුව බැංකු මගින් ප්‍රතිලාභී ගිණුම් සඳහා එම මුදල් හෙට(08) වන විට බැර කරනු ඇති බව ඔහු සඳහන් කර තිබේ. 
 
අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ පළමු අදියර ලෙස ජුලි මාසයේ දී ප්‍රතිලාභි පවුල් 790,000කට ගෙවීම් සිදුකර තිබුණි.
 
ඒ අනුව ජුලි මාසය තුළ ප්‍රතිලාභ ලබාදී ඇති සමස්ථ පවුල් සංඛ්‍යාව දස ලක්ෂ 48,170ක් බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
 
ගිණුම් තහවුරු කරගැනීමෙන් අනතුරුව සෙසු ප්‍රතිලාභින් සඳහා ගෙවීම් සිදුකිරීමට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු සුදානම් කර ඇති අතර ජුලි මාසයට අදාළ ගෙවීම් මෙලෙස සිදු කිරීමෙන් අනතුරුව අගෝස්තු මාසයට අදාළ ගෙවීම් සියලු ප්‍රතිලාභින් සඳහා එක්වර සිදුකිරීමේ හැකියාව පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
 
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කර ඇති බව ය.
 

Comments