කොරෝනා ආසාධිතයාගේ පුත්‍රයා ගැන කට කතා අසත්‍යයි | සිළුමිණ

කොරෝනා ආසාධිතයාගේ පුත්‍රයා ගැන කට කතා අසත්‍යයි

රට කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගියාගේ පුත්‍රයාට ද එම රෝගය වැළඳී ඇතැයි පැතිර යන කට කතා මුලුමණින්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එසේම එම දරුවන් අධ්‍යාපනය ලබන කොළඹ ආනන්ද විද්‍යාලයට අද උදෑසන වසංගත රෝග විද්‍යාඥයින් දෙදෙනෙකුව පිටත් කර යවා තත්ත්වය පරික්‍ෂා කළ බවද ජාසිංහ සදහන් කර සිටියේ මේවන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.

එම දරුවාට රෝගය ආසාදනය වීමේ සම්භාවිතව අඩු මට්ටමක පවතින බවත් දරුවාගෙන් අනෙක් දරුවට රෝගය වැළදීමේ අවස්ථාව ද ඉතාම අවම බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැහැදිලි කළේය.

ආසාදිත පුද්ගලයා මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පවුලේ කිසිදු අයෙකුට රෝග ලක්‍ෂණ පෙන්නුම් කර නොමැති බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස පැතිරීම වැළැක්වීමට මේවන විට රජය සියලු පියවර ගෙන ඇතැයි ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කලේය.

 

Comments