ආසාදිතයින් 7 දෙනෙක් පුර්ණ සුවය ලබයි | සිළුමිණ

ආසාදිතයින් 7 දෙනෙක් පුර්ණ සුවය ලබයි

අද (14) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව පුද්ගලයින් 519 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2646 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 29ක්.

ඒ අතරට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු,සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 11දෙනෙකු හා රාජාංගණය යාය 5 ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයාගේ ආශ්‍රිතයින් දෙදෙනෙකු අයත්.

සෙසු දෙදෙනා මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනයට වෙමින් සිටි අයයි.

 

Comments