කොවිඩ් මාරු­තයේ සතියේ විමැ­සුම | සිළුමිණ

කොවිඩ් මාරු­තයේ සතියේ විමැ­සුම

ගෝලීය සතුරා කොවිඩ් 19 වසංගතය මේ වන විට ඉතා දරුණු ලෙස ලෝකය පුරා සිය අණසක පතුරවමින් සිටී. මෙම සති අන්තය වන විට ලොව පුර මිලියන 161ක් කොවිඩ් 19 ආසාදිතයන් බවට පත්කර මිලියන 3.34කගේ ජීවිත මරුවා විසින් බිලි ගෙන තිබිණි. ශ්‍රී ලංකාව ද කොවිඩ් වසංගතය දිනෙන් දින ශීඝ්‍ර ලෙස පැතිර යමින් තිබෙන අතර ඉකුත් සතියේදී දෛනිකව වාර්තා වන නව ආසාදිතයන් සංඛ්‍යාව දෙදහසේ සීමාව ඉක්මවා ගියේය.

 

කොවිඩ් නිසා වැසුණු  දක්ෂිණ අධිවේගයේ  කඩුවෙල පිවිසුම විවෘතයි

කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේග මාර්ගයේ කඩුවෙල පිවිසුම රථවාහන ගමනාගමන කටයුතු සඳහා 14 වැනි සිකුරාදා යළි විවෘත කෙරුණි. එහෙත් කොට්ටාව පිවිසුමෙන් සාමාන්‍ය මගී ජනතාවට දක්ෂිණ අධිවේග මාර්ගයට ඇතුළුවීම හෝ ඉන් පිටවීම සිදුකළ නොහැකිය. කොවිඩ් අවදානම හේතුවෙන් දක්ෂිණ අධිවේග මාර්ගයේ ඉමදූව, කොතලාවල සහ වැලිපැන්න හුවමාරු මේ වන විටත් වසා දමා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත ඉදිරියේදී එම පිවිසුම් රථවාහන ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට හැකිවනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

 

එංගලන්ත ප්‍රභේදයත් ලංකාවට ඇවිත්

එංගලන්තයේ මේ දිනවල පැතිර යන කොවිඩ් 19 වයිරස් ප්‍ර‍භේදය වන UK-B.1.1.7නැමැති ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු ඉකුත් දා ත්‍රිකුණාමලයෙන් හඳුනා ගත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.ජී.එම්.කොස්තා පැවසීය. කන්තලේ හා උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබාගත් සාම්පල තුනක් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයට යවා සිදු කළ පර්යේෂණයේදී ඒ බව තහවුරු වී ඇත. මේ නව ප්‍රභේදය ආසාදනය වුවන් හමුවීමත් සමඟ ආසාදිතයන් සෙවීමේ කටයුතු පුළුල්කර තිබේ.

 

බස්නාහිරට පසුව  එන්නත් ලබා දෙන ප්‍රදේශ

බස්නාහිර පළාතෙන් පසුව එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය. ඒ අනුව එම දිස්ත්‍රික්කවල තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ජනතාවට එන්නත ලබාදීමට නියමිතය.

රට පුරා හුදෙකලා ප්‍රදේශ ගණන තවත් ඉහළට...

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඉකුත් සති අන්තය වන විටත් කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල,කෑගල්ල, ත්‍රිකුණාමලය, මාතලේ, මාතර, ගාල්ල, අම්පාර,රත්නපුර, හම්බන්තොට, මොනරාගල,නුවරඑළිය, පොළොන්නරුව සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 16ට අයත් ග්‍රාම නිලධාරී වසම් 328කට අධික සංඛ්‍යාවක් හුදෙකලා කර තිබුණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ විල්ලෝරාවත්ත,දම්පේ, බටකැත්තර උතුර, කැස්බෑව දකුණ, පැළැන්වත්ත බටහිර, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර, මඩපාත, ගොරකාපිටිය,නාම්පමුණුව, පැළැන්වත්ත නැගෙනහිර, හොන්නත්තර, දැල්තර, හල්පිට,

කැස්බෑව නැගෙනහිර, මාකන්දර බටහිර, නිවුන්ගම, පොල්හේන, නිවන්තිඩිය, මාම්පේ නැගෙනහිර, කොලමුන්න,මාම්පේ බටහිර, ඇරැව්වල උතුර, පමුණුව සහ උග්ගල්ල ග්‍රාම නිලධාරී වසම් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, වෙහෙරයාය, කොට්ටම්ගම්බොක්ක, හෙළමුල්ල, ගල්අමුණ, රහතන්ගම සහ බෝහිටිය ග්‍රාමසේවා වසම් මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, දඹුල්ල, ගලේවෙල, මාතලේ‍්,පල්ලෙකුඹුර,උඩහපුවිද ග්‍රාමසේවා වසම් ගාල්ල දිස්ත්‍රික්කයේ ගොඩහේන, තල්ගස්ගොඩ, ඉඹුලගොඩ, කටුදම්පේ, කොග්ගල 1 සහ 2, මීගහගොඩ, මාලියගොඩ, පියදිගම බටහිර, දික්කුඹුර,අටානිකිත ග්‍රාමසේවා වසම් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිරිකෙත සහ සරුබිම ග්‍රාම නිලධාරී වසම් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇල්දෙණිය පල්ලිය පටුමඟ,රණවිරු ධර්මසිරි මාවත,ඇල්දෙණිය නැගෙනහිර, සූරියපාලුව දකුණ සහ උතුර, සූරියපාලුව උතුර, ඉහළ කරගහමුණ උතුර, පොල්හේන,

කළුඅග්ගල, වත්තල, අල්විස් වත්ත ප්‍රදේශය, කෙරවලපිටිය, හේකිත්ත, පල්ලියවත්ත දකුණ, සේදවත්ත - මහ පමුණුගම කොටස, කුන්ජගහ වත්ත - 44 වන පටුමඟ,නිල්සිරි ගම - 03 හා 07 වන පටුමඟ, කෙරඟ පොකුණ, ගල්උඩුපිට, මත්තුමගල, ඇලපිටවල, මඟුල් පොකුණ ගමේ මඟුල් පොකුණ පාර, කුට්ටිවිල, ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A, කදිරාන උතුර - ඇටබගහ වත්ත ගම්මානය, කදිරාන දකුණ - පේෂකර්ම ගම්මානය යන ග්‍රාමසේවා වසම් කළුතර දිස්ත්‍රික්කයේ නර්තනගල 616C

පිඹුර, යටියන බටහිර , කොරටුහේන, බෝම්ඹුවල, වලල්ලාවිට දකුණ, මාකලන්දාව, බෝතලාව, කටුයකැලේ වැල්මීගොඩ, පැලවත්ත උතුර, අධිකාරීගොඩ, නාගොඩ දකුණ, විද්‍යාසාර ග්‍රාම නිලධාරි වසමේ බෝසිරිපුර කොටස, මහවස්කඩුව උතුර, බොල්ලුන්න, මිදලන, මෝරපිටිය, පැළෑද, හැඩිගල්ල, මෝරපිටිය උතුර, තිනියාවල, වලාන උතුර, වෑකඩ උතුර, මාලමුල්ල නැගෙනහිර, කිරිබේරිය, පිංවත්ත,

නාරම්පිටිය, පිංවත්ත බටහිර, බණ්ඩාරගම නැගෙනහිර, පලන්නොරුව 604,කේරළගම 604, කුඹුක බටහිර 607 A යන ග්‍රාමසේවා වසම් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුභත්‍රා ලංකා මාවත, පූම්පුහාර්, කෝවිලඩි, සුමේදගම්පුර, අන්පුවාලිපුරම් ග්‍රාම නිලධාරී වසම්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබදලාව, කුලියාපිටිය, අස්සැද්දුම, මීගහකොටුව, දික්හැර, දිගල්ල, කබලෑව, කිරින්දව, අනුක්කනේ, ඉහල කලුගමුව, වෙරලුගම, තබ්බෝමුල්ල, දණ්ඩගමුව බටහිර, දණ්ඩගමුව නැගෙනහිර, තුන්මෝදර, කැටවලගෙදර, නිකදළුපොත යන ග්‍රාම නිලධාරි වසම් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ගඟුල්විටිය, අංගම්මන 182 C, හපුගොඩ, කුඩුමිරිය, කුඩව, දෙල්ගොඩ නැගෙනහිර හා බටහිර, දව්ගලගම, ගඟලගමුව, කොස්වත්ත, තපස්සර කන්ද, වතුරාව, වෙම්බියගොඩ, වැද්දාගල නැගෙනහිර සහ බටහිර, නැගෙනහිර දොළහේන මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස, පොතුපිටිය උතුර, දොලේකන්ද, රඹුක, තණබෙල, ඉළුඹුකන්ද, පොතුපිටිය දකුණ, පල්ලේගම, වලල්ගොඩ, සුදුගල, පනාමුර, රත්ගඟ, සන්නස්ගම,දොඩගස්වින්න,ගොඩගම යන ග්‍රාම නිලධාරි වසම් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පනන්ගම්මන, ඉන්ජස්ට්‍රි, ෆෝර්ඩයස් වත්ත, නීලදණ්ඩාහින්න, රත්මැටිය, ශාන්ත කුම්බිස් වතුයාය යන ග්‍රාම නිලධාරි වසම් සහ කල්මුණේ තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම සහ වව්නියාව දිස්ත්‍රික්කයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම සහ යාපනය දිස්ත්‍රික්කයේ කොඩිකමම් මධ්‍යම, කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරි වසම සහ අම්පාර දිස්ත්‍රික්කයේ නවමැදගම - නවමැදගම කොටස, බක්මීදෙණිය - රන්හෙළගම කොටස, සේරුපිටිය - සේරුපිටිය උප කොටස, මාතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත ග්‍රාම නිලධාරි වසම, මහනුවර දිස්ත්‍රක්කයේ තිබ්බුට්ට ගම, කොස්ගස්තැන්න ගම සහ මැදකිරිමැටියාන හම්බන්‌ෙතාට දිස්ත්‍රික්කයේ සුරියවැව නගරය, කෑගල්ල දිස්ත්‍රික්කයේ උඩපොත, කැන්දාව ග්‍රාම නිලධාරි වසම් ඒ අතර වේ.

මඩකලපු දිස්ත්‍රික්කයේ කීරන්කුලම පොලිස් වසමේ වැව පාර, වීවින් මිල් මාවත ,වෙලා පොඩි පාර, කනකි අම්මාන් කෝවිල පාර ,ලකේ මාවත, අප්පුහාමි මාවත යන ග්‍රාම නිලධාරි වසම් ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා පොලිස් බල ප්‍රදේශයේ කින්නියා ,පෙරිය කින්නියා ,කුට්ටි කරච්චි ,අහුතර් නගරය,පෙරියතුමුනේ, මලින්තුරේ, රහුමානියා නගරය,සින්න කින්නියා ,මංචෝලි, කට්ට යාරු,කිරින්චකන්නිසහ මුනචචෙනෙයි,කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ හමන්ගල්ල,නාරංගොඩ උතුර,නාරංගොඩ දකුණ,බටපොතාල්ල,මල්ගමුව,දොඩම් පොත්ත,නාරංගමුව,ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේවත්තේගෙදර ,කටුගම්පොල, කවුඩුමුන්න, හමනාගොඩ, වෑත්තෑව,මුම්මනා,මාහරගම,,ඉහළ මැද්දෙපොළ ,පහළ මැද්දේපොළ ,කෝඳුරුවාවල,මාහින්ගමුව,සියඹලාවලන,බෝපිටිය,ඉහළ ලබ්බල,මත්තේගම,සහ වැල්ලාව යන ග්‍රාම සේවක වසම් ද හුදෙකලා කර ඇත.

මේ අතර කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ අටක් හුදෙකලා බවින් නිදහස් කර ඇත. එසේ හුදෙකලා බවින් ඉවත් කර ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අන්දා කුලම් ග්‍රාම නිලධාරී වසමේ සුභද්‍ර මාවත සහ චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කාවන්තිකුඩා,කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝඹුවල වයඹ, බෝඹුවල නිරත, බෝඹුවල උතුරු මැද , බෝඹුවල දකුණු මධ්‍යම හා බෝඹුවල ගිනිකොන යන ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශයන්ය.

මේ ප්‍රදේශ හුදෙකලා භාවයෙන් ඉවත් කෙරුණ ද රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා ඒ ප්‍රදේශවලට දිගටම බලපැවැත්වෙන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. හුදෙකලා කෙරුණු ප්‍රදේශවලට පිටතින් ඇතුළුවීම ද එම ගම්මානවලින් පිටවීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

 

 

එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ගත හැකිද?

පළමු මාත්‍රාව එක් එන්නත් වර්ගයකින් සහ දෙවැනි මාත්‍රාව තවත් එන්නත් වර්ගයකින් ලබාදීම පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ ඒ පිළිබඳ මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවය. මේ අතර පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක් මඟින් ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබුණි. ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු අතර තවත් එන්නත් ලක්ෂ 5ක් රජය මිලදී ගෙන ඇත. ඊට අමතරව තවත් එන්නත් 265,000ක් ඇතුළුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 12,65,000ක් ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. දෙවන එන්නත්කරණය සඳහා අවශ්‍යව තිබෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලබා ගැනීම සඳහා රජය මේ වන විට විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටී. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර මුලින් එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නොතිබුණද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ පසුගිය 7 වැනිදා ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම ලෝක සෞඛ්‍ය සංවිධානය සයිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නේය.

ඒ අනුව ඊට පසුදිනම සයිනොෆාම් එන්නත්කරණය ආරම්භ වූ අතර මේ වන විට බස්නාහිර පළාත තුළ එන්නත්කරණය සිදුවෙමින් පවතී.

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 3ක් චීනයෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමඟ කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර ඒ එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වල ද එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත. රුසියානු Sputnik එන්නතේ පළමු අදියර ලෙස එන්නත් මාත්‍රා 15,000ක් ශ්‍රී ලංකාවට හිමිවූ එහි පළමු එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූයේ ගොතටුව ප්‍රදේශයෙනි.

 

කොවිඩ්   තෙවැනි රැල්ලේ  මරණ සංඛ්‍යාව ඉහළට

 

කොවිඩ් 19 මෙරට තෙවැනි රැල්ලේ සමස්ත මරණ සංඛ්‍යාව දින 25ක් තුළ 200 සීමාව ඉක්මවා ගියේය. පළමු කොවිඩ් රැල්ලේ මුල් දින 25 තුළ ආසාදිතයන් 166 දෙනකු වාර්තා වූ අතර ඒ වන විට සිදුව තිබූ මරණ සංඛ්‍යාව 5කි. දෙවැනි කොවිඩ් රැල්ලේ මුල් දින 25 තුළ ආසාදිතයන් 5803 දෙනකු වාර්තා වූ අතර ඒ කාලය තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 6කි. එහෙත් තෙවැනි කොවිඩ් රැල්ලේ මේ වනවිට ගතවී ඇති දින 25ක කාලය තුළ ආසාදිතයන් 32,344 දෙනෙකු වාර්තා වූ අතර ඒ වන විට කොවිඩ් මරණ 194 ක් වාර්තා විය. ඒ අනුව ආසාදිතයන්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යෑම ඉදිරි සති කිහිපය සම්බන්ධයෙන් භයානක තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

 

තුන්වැනි රැල්ලේ ආසාදිතයන්ගේ  හඳුනාගත්  විශේෂ ලක්ෂණ

කොවිඩ් පාලනයට භාවිත වන ක්‍රමවේද නැවත විමසීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොවිඩ් තාක්ෂණික කමිටුව රැස්වූ අතර එහිදී අවදානම් තුන්වැනි අදියරට මුහුණදීමට සුදුසු පරිදි තීන්දු රැසක් ගෙන ඇත.

ඒ අනුව දැනට වාර්තාවන ආසාදිතයන්ගෙන් සියයට 25-28 ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වන අතර එයින් සියයට 17ක පමණ ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාව ඇති වේ. එයින් සියයට 4-5ක පමණ ප්‍රමාණයක් හදිසි ප්‍රතිකාර (ICU) සඳහා යොමු කිරීමට සිදුවන බව හඳුනාගෙන ඇත.

කොවිඩ්-19 තුන්වැනි අවදානම් මට්ටම තුළ පැතිරීමේ වේගය, PCR ශක්‍යතාව, නිරෝධායනය, රෝහල්ගත කිරීම, ප්‍රතිකාර කිරීම, ඔක්සිජන් මට්ටම, මරණ අනුපාතය පිළිබඳ අවධානය යොමුකරමින් ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුවී තිබේ.

 

 

ඡායාරූප- ව්මල් කරුණාතිලක, සුලෝචන ගමගේ, සුදත් මලවීර සහ රුක්මල් ගමගේ

Comments