දිලීර නැත්තම් ලෝකෙත් නැහැ | සිළුමිණ

දිලීර නැත්තම් ලෝකෙත් නැහැ

අද මුළු පෘථිවි තලයේ සමස්ත ජීවීන් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටින බව නොරහසකි. විද්‍යාඥයන් දක්වන අදහස්වලට අනුව ක්ෂිරපායීන්ගෙන් සියයට 26ක් කුරුල්ලන්ගෙන් සියයට 14ක් සහ උභය ජිවීන්ගෙන් සියයට 41ක් සිටින්නේ වඳවී යෑමේ මූලාරම්භක අවස්ථාවේය.

එහෙත් ඒ සියල්ලටම වඩා විද්‍යාඥයන් අනතුරුදායක ලෙස දකින්නේ දිලීර වඳවී යෑමට පටන්ගෙන තිබීමයි.

පෘථිවියේ පරිසරයට මුසුවන නොයෙකුත් රසායනික ද්‍රව්‍ය හේතුවෙන් දිලීර විශේෂ මේ වන විට වඳවී යෑම අරඹා ඇති බවත් දිලීර වඳවී යන්නේ නම් සමස්ත පෘථිවියම හඳුනාගත නොහැකි ස්ථානයක් බවට පත් වනු ඇති බවත් විද්‍යාඥයන් පෙන්වා දේ. පෘථිවියේ වියෝජනය ඇතුළු අතිශය වැදගත් කරුණු රැසකට දිලීර නැතිවම බැරි සාධකයකි.

 

Comments