සරණක් සොයමින් මුහුද මැද සරණාගත වන ශ්‍රී ලාංකිකයෝ | සිළුමිණ

සරණක් සොයමින් මුහුද මැද සරණාගත වන ශ්‍රී ලාංකිකයෝ

 

තිස් වසරක් පුරා අප රටේ පැවති සිවිල් යුද්ධය අපට අහිමි කළ දේ බොහෝය. ඒ් අතරින් අංක අනුපිළිවෙළට තබා බලන්නේ නම් ගෞරවනීය පුරවැසියන්ගේ විදෙස් සංක්‍රමණයන් ඒ් අතරින් ඉදිරි අංක අතරට ඒක් වන්නේය. රටේ පැවති අවිනිශ්චිත වාතාවරණය හේතුවෙන් බොහෝ දෙනා විදෙස් රටවලට සංක්‍රමණය වූහ. ඒ් අතරට උසස් අධ්‍යාපනය ලත්, උසස් රැකියාවල නිතර වූ බොහෝ දෙනාද විය. මෙය බුද්ධිගලනය ලෙස සරලව හැඳින්විය හැකිය. මේ අන්දමින් රටේ බුද්ධිමතුන් විදෙස් රටවලට යෑම පසුකාලීනව රටේ බොහෝ ක් ෙෂ්ත්‍රවල කඩාවැටීමල හේතුවක් විය.

ඒහෙත් අතිශය අවාසනාවන්ත සිදුවීම වූයේ විදෙස් රටවල ගෞරවනීය පුරවැසියන් බවට පත්වීමට හැකියාවක් නොලැබූ බොහෝ දෙනා ඉතාම අවිනිශ්චිත ක්‍රම ඔස්සේ විදෙස් රටවලට සංක්‍රමණය වීමට පටන් ගැනීමය‍. ඒසේ උත්සාහ දැරූ බොහෝ දෙනාගේ අවසන් ඉලක්කය වූයේ ඔස්ට්‍රේලියාවය.‍

අපේ රටේ ත්‍රිකුණාමලය ආශ්‍රිත නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ ඉතා රහසිගතව ක්‍රියාත්මක වන බෝට්ටු මගින් මේ ජනතාව සරණාගතයන් ලෙස විදෙස් රටවලට සංක්‍රමණය වීමට උත්සාහ දැරූහ. ඒ් සඳහා ඔවුන් විශාල මුදලක් මේ මිනිස් ජාවාරම්කරුවන්ට ලබා දීමට සිදුවූ අතර ආවසනාවන්ත වූ බොහෝ දෙනා තම ගමන නතර කළේ මුහුදු පත්ලෙනි.

මුල් කාලීනව මෙසේ පැමිණෙන සියලුම දෙනාට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලැබුණු නමුත් පසුකාලීනව මෙසේ පැමිණෙන සරණාගතයන් ඔස්ට්‍රේලියාවට දරුණු හිසරදයක් බවට පත් විය.

ඔවුන් මෙසේ සරණාගතයන්ගේ පැමිණීම වැළැක්වීමට නීති සම්පාදනය කළ අතර ඔස්ට්‍රේලියානු දේශසීමාව ආරක්ෂා කිරිමට වෙනම පිරිවැයක් දරමින් ආරක්ෂක ඒ්කකයක්ද ස්ථාපිත කිරිමට කටයුතු කළහ. ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂක ඒ්කකය යනුවෙන් නම් කෙරුණු මේ ඒ්කකය විසින් නිරන්තර මුර සංචාර සිදුකරමින් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු ආපසු හරවා යැවීමට කටයුතු කළහ‍‍.

ඇතැම් බෝට්ටු ආපසු හරවා යැවීමට නොහැකි වූයේ ඉතාම අබලන් තත්ත්වයේ පැවති ඒම බෝට්ටු යළිත් ලංකාව කරා දිගු දුරක් ගමන් කිරිමට තරම් යෝග්‍ය තත්ත්වයක නොපැවතීම හේතුවෙනි. ඒවැනි බෝට්ටු හරවා යැවීමෙන් ඒ්වායේ සිටින පිරිස් දියේ ගිලීමට බෙහෙවින් ඉඩකඩ ඇති බැවින් ඒවැනි අමානුෂික තීන්දුවකට ඒළඹීමට නොහැකි තැන ඔස්ට්‍රේලියානු රජය තීරණය කර සිටියේ බෝට්ටුවල සිටින ජනතාව ඔස්ට්‍රේලියානු මහාද්වීපය අසල පිහිටා ඇති ක්‍රිස්මස් දූපත්වල තාවකාලිකව රඳවා තබා ගැනීමටයි. ඉන්පසු ඔවුන් ගුවන් මගින් යළි තමතමන්ගේ රටවල් කරා ආපසු යැවීමටද ඔස්ට්‍රේලියාව කටයුතු යෙදීය.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිම වන තුරුම මෙලෙස සංක්‍රමණිකයන් සම්බන්ධව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව‌ට සිදුවූ අතර අවාසනාවකට මෙන් යුද්ධය නිමවූ පසුවද උතුරු නැගෙනහිර ජනතාව පමණක් නොව ලංකාවේ සෙසු ප්‍රදේශවල ජනතාවද අනවසරයෙන් ඔස්ට්‍රේලියාව වෙත බෝට්ටු මගින් ගෙන යෑමට කටයුතු කළ මිනිස් ජාවාරම්කරුවන් නවත්වාලීමට විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට සිදුවිය.

ඒහිදී හෙළිදරවු වූයේ මහා මිනිස් ජාවාරමක් සිදුවී ඇති බවයි. මුහුදු මාර්ග ඔස්සේ පුද්ගලයන් ඔස්ට්‍රෙලියාවට යැවීම මහා ජාවාරමක් වශයෙන් සිදුවී ඇති අතර ඒහිදී ඔස්ට්‍රේලියාවට ගෙන ගොස් ඇත්තේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවන බවද හෙළිදරවු විය. ඉන්දියානුවන්, පකිස්තානුවන් මෙන්ම බංග්ලාදේශ ජාතිකයන්ද ගුවන් මඟින් ශ්‍රී ලංකාවට පමිණෙන බවත් ඔවුන් විශාල වශයෙන් මුදල් ලබා ගැනීමෙන් පසු මිනිස් ජාවාරම්කරුවන් විසින් මුහුදු මඟින් ඔස්ට්‍රේලියාවට යැවීමට කටයුතු කරන බවත් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

ඉන්පසු වසර කිහිපයක් යනතුරු මේ මිනිස් ජාවාරම් පාලනය කිරීමට සහ අවම කර ගැනීමට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටටම හැකියාව ලැබුණු නමුත් යළිත් වරක් මිනිස් ජාවාරම් ආරම්භ වී තිබෙන බවක් පෙනී යන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම් හේතුවෙනි.

පසුගිය අවස්ථාවේදී රට තුළ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් ජනතාව පිටරටවල් කරා සරණාගතයන් ලෙස ගමන් කළ අතර මෙවර ජනතාව ඒසේ යෑමට හේතුව රටේ අස්ථාවර ආර්ථික තත්ත්වය බවට සැකයක් නැත. පසුගිය සති කිහිපයක් තුළ බෝට්ටු මඟින් ඔස්ට්‍රේලියාවට යෑමට උත්සාහ ගත් කණ්ඩායම් තුනක් පමණ අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කිරීමෙන් පසු යළිත් වරක් මිනිස් ජාවාරම් පිළිබඳ කතාබහ ඉස්මතු විය.

ශ්‍රී ලංකාවේ සිට මෙලෙස අනවසර සරණාගතයන් පැමිණීම ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ගේ ද ඉරණම තීන්දු කිරීමට සමත් සුවිශේෂී කරුණක් බවට පත්ව තිබේ. පසුගිය අවස්ථාවේදී ඒරට හිටපු අගමැතිනි ජුලියා ගිලාඩ්ට තම තනතුර අත්හැරීමට විශේෂ හේතුවක් වූයේද ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සරණාගතයන් සම්බන්ධ ගැටලුවට නිශ්චිත පිළිතුරක් සොයා ගැනීමට අසමත් වීමයි.

මෙවර පසුගියදා මැතිවරණයෙන් පරාජය වූ අගමැති ස්කොට් මොරිසන්ටද අවසාන මොහොතේදී ඒම ගැටලුවට සම්බන්ධයෙන්ද චෝදනා ඒල්ල විය. මේ සම්බන්ධව කටයුතු කළ ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරුන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලාංකිකයන් සරණාගතයන් වශයෙන් තම රටට පැමිණීම වැළැක්වීමට උපරිම උත්සාහ දැරූහ. ඔවුන් තම අයවැය යෝජනාවලින් විශේෂ කොටසක් වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කළ අතර වරක් ඔවුන්ගේ වෙරළාරක්ෂක කටයුතු සඳහා යොදා ගන්නා විශේෂ වේගවත්, සියලු පහසුකම් සහිත විශාල බෝට්ටු දෙකක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර සිටියේද සංක්‍රමණිකයන්ගේ පැමිණීම වැළැක්වීම අරමුණු කර ගනිමිනි. කෙසේ වුවද මෙවර ඔස්ට්‍රේලියානු මැතිවරණය අවසන් වීමත් සමඟම ඔස්ට්‍රේලියාව කරා ශ්‍රී ලාංකිකයන් රැගත් බෝට්ටු පැමිණීමෙන් පසු ඔස්ට්‍රේලියානු දේශපාලනය තුළ කතාබහට ලක් වූයේ ඒරට ආණ්ඩු මාරු වන තුරු මිනිස් ජාවාරම්කරුවන් බලා සිට ඇති බවටයි.

ශ්‍රි ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ඒකකය දක්වන අන්දමට මේ වසරේ ගත වී ඇති මාස පහ තුළදී විදේශයන් කරා ශ්‍රී ලාංකිකයන් රැගෙන යමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බෝට්ටු සංඛ්‍යාව 18කි.

මේ බෝට්ටු අතරින් වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සතියේදී සහ ඊට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගත් බෝට්ටු දෙකෙනි. එම බෝට්ටු දෙකේම පුද්ගලයන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා ඔස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි බව තහවුරු වී තිබේ.

මේ බෝට්ටු අතරින් එක් බෝට්ටුවක් ත්‍රිකුණාමලයේ සිට ගමන් අරඹා ඇති අතර අනෙක් බෝට්ටුව ගමන් අරඹා ඇත්තේ මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයෙන් බව නාවික හමුදාව තහවුරු කරයි. අත්අඩංගුවට ගත් සෙසු බෝට්ටු මන්නාරම සහ කන්කසන්තුරේ අතර මුහුදු ප්‍රදේශවල සිට ගමන් අරඹා ඇති අතර ඒවායින් ඇතැම් බෝට්ටු ඉන්දියාව කරා ගමන් කරමින් සිටින්නට ඇති බවද පැවසේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාව කරා ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පසුගියදා ඔස්ට්‍රේලියාවේ වෙරළාරක්ෂක ඒකකය විසින් ක්‍රිස්මස් දූපත් ආසන්නයේදී අත්අඩංගවට ගෙන තිබේ. තවත් බෝට්ටු 14ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය නාවික හමුදාව විසිනි.

මේ අන්දමින් 2022 වසරේ ගතවූ මාස පහ තුළදී ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවල් කරා ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 309කි.

මෙලෙස ශ්‍රී ලාංකිකයන් මෙන්ම සෙසු දකුණු ආසියාතිකයන් ඔස්ට්‍රේලියාව කරා මුහුදු මාර්ගයෙන් ගමන් ගැනීම නැතහොත් මිනිස් ජාවාරම මාස කිහිපයක් තුළදී නැවත පණ ගසා පැමිණෙන බවක් පැහැදිලිව පෙනේ. මෙසේ වීමට හේතුව ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථීක තත්ත්වය යැයි පැවසේ.

එහෙත් ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණයට පෙර සිටම එරට දේශපාලනඥයන් පෙන්වා දුන්නේ ආණ්ඩු පෙරළියක් ආසන්නයේ මෙසේ මිනිස් ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන බවයි.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ගෙන යෑම තම වෘත්තිය කර ගත් ජාවාරම්කරුවන් ඔස්ට්‍රේලියාවේ ආණ්ඩු පෙරළියක් හෝ මහ මැතිවරණයක් ආසන්නයේදී එක්වරම මිනිස් ජාවාරම යළිත් ක්‍රියාත්මක කරන්නේ නවක ආණ්ඩු සංක්‍රමණික නීති අකුරටම ක්‍රියාත්මක නොකරන නිසාවෙන් බව ඔස්ට්‍රෙලියානු මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි.

ඔවුන්ට අනුව එරටේ රාජ්‍ය නායකයා තෝරා පත් කර ගැනීමේදී මේ සංක්‍රමණික ගැටලුවට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. සංක්‍රමණිකයන් සම්බන්ධව දැඩි තීන්දු තීරණ ගන්නා අගමැතිවරුන්ට විශේෂ ජනතා කැමැත්තක් හිමි වනු නිරීක්ෂණය කළ හැකිය.

සිරියානු යුද්ධයට සාපේක්ෂව මැදපෙරදිග කලාපයෙන් ජනතාව විශාල වශයෙන් යුරෝපයට සංක්‍රමණය වීමේදී ඔවුන් දෙස සානුකම්පිතව බැලූ ජර්මනිය පසුව සංක්‍රමණිකයන් හේතුවෙන් ගැටලු රාශියකට මුහුණ දුන් පසු ලොව බොහෝ රටවල් සංක්‍රමණිකයන් තම රටවලට වද්දා ගැනීමට පැකිළෙති. ඔස්ට්‍රේලියාවට වුවද මේ තත්ත්වය පොදුය.

දැන් ශ්‍රී ලංකාව පමණක් නොව කලාපයේ සෙසු රටවල්ද තම නාවික හමුදා ශක්තිමත් කරමින් බෝට්ටුවලින් මහා පරිමාණව සිදු කෙරෙන මිනිස් ජාවාරමට වැට බැඳීමට කටයුතු කළ යුතුය.

 

Comments