Softlogic සමඟින් Huawei එක්වෙයි | Page 3 | සිළුමිණ

Softlogic සමඟින් Huawei එක්වෙයි

 

ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරුවන Huawei සහ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මෘදුකාංග සහ දෘඩාංග විසඳුම් සම්පාදකයකු ලෙස නම් දරා ඇති සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් පුද්ගලිකසමාගම සමඟ, නව්‍යතොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වන එන්ටර්ප්‍රයිස් සොලියුෂන්ස් ක්ලවුඩ් සහ පරිගණක භාවිත කෘතීම බුද්ධි විසඳුම් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දීමට සේවා සැපයීමේ හවුල්කාරිත්වයක් මෑතකදී ප්‍රකාශයටපත් කළේය. ඩිජිටල් ආර්ථිකය දැන් රටේ සහ කර්මාන්තවල වර්ධනයේ ප්‍රධාන සාධකයක් ලෙස ස්ථිරව පිහිටුවා ඇති අතර නූතන ආර්ථිකයට ඩිජිටල් තාක්ෂණයන්හි වැදගත්කම අවිවාදිතය.

දශක 3 කට පමණ පෙරතොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස ආරම්භ වූ සොෆ්ට්ලොජික් සමාගම තාක්ෂණික යටිතල පහසුකම් නවීකරණය සඳහා අද රටේ ප්‍රමුඛ පෙළේ ස්ථානයක නම් දරයි. ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාර වල වර්ධනය ළඟාකර ගැනීම සඳහා අවැසි උපාය මාර්ග සැකසීමට උපකාරීවන තාක්ෂණය කළමනාකරණය කිරීම සඳහා නව්‍යක්‍රම සොයා ගැනීමට මෙමඟින් සිදුවන්නේ මහත් සේවයකි.

Comments