ඩෙංගු උවදුර යළිත් වැඩි වේ? | සිළුමිණ

ඩෙංගු උවදුර යළිත් වැඩි වේ?

 මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය නැවතත් වසංගත තත්ත්වයකට යා හැකි හෙයින්, ඒ සඳහා නැවතත් ක්‍රියාත්මන වන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ වන විට සතියකට වාර්තා වන්නේ 2500ක පමණ ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වන අතර, එය පසුගිය මාසයට සාපේක්ෂව අඩු වීමක් වුවත් පෙර වසරවල මේ කාලයක් සමඟ සාපේක්ෂව සැසඳීමේදී වැඩි අගයක් ගන්නා බව එම ඒකකය පවසයි.

ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ පෞද්ගලික නිවෙස්වලින් 2%කද, පාසල්වලින් 5%කද, ඉදිකිරීම් බිම්වලින් 7%කද, කර්මාන්ත ශාලාවලින් 6%කද, රජයේ ආයතනවලින් 4%කද මේ වන විටත් ඩෙංගු බෝවීම් වාර්තා වෙයි. මේ අතර ජාතික ඩෙංගු මර්දන සතිය සැප්තැම්බර් 20 සිට 26 වැනිදා දක්වා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Comments