මහාචාර්ය ලලිත් සමරකෝන් ජාතික ආර්ථික සභාවේ මහලේකම් ධූරයට | සිළුමිණ

මහාචාර්ය ලලිත් සමරකෝන් ජාතික ආර්ථික සභාවේ මහලේකම් ධූරයට

 මූල්‍ය ආර්ථික විශේෂඥයකු වූ මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ජාතික ආර්ථික සභාවේ මහලේකම්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී. ඇමෙරිකාවේ චිතසෝටාහි ශාන්ත තෝමස් විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන සමරකෝන් මහතා ඉන් පෙර හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මූලය ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේ ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය ප්‍රතිසංවිධානය කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ මහාචාර්ය සමරකෝන් විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ හා මුල්‍ය කළමනාකරණ අංශයේ අධිපතිවරයා ලෙස ද, ඇමෙරිකාවේ ශාන්ත තෝමස් විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේ ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රථම පන්ති ගෞරව සම්මානයක් ලත් සමරකෝන් මහතා එම විශ්වවිද්‍යාලයේම සහය කථිකාචාර්යවරයකු වශයෙන් වෘත්තිය දිවියට අවතීර්ණ විය.

Comments