ධීවර අංශයේ ආයෝජන වැඩිවෙයි | සිළුමිණ

ධීවර අංශයේ ආයෝජන වැඩිවෙයි

රජයේ නීල හරිත සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ ධීවර ක්ෂේත්‍රයේ ආයෝජනයන් සිදු කිරීමට දෙස් විදෙස් ආයෝජකයන් රැසක් කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව ඉන්දියාව, ජපානය ඇතුළු රටවල ආයෝජකයින්ද මේ සඳහා ඉදිරිපත් වී තිබේ.

2018 අයවැය ලේඛනයෙන් රජය විසින් ව්‍යවසායකත්වය දිරිමත් කිරීමට ගෙන ඇති පියවර අගයමින් මෙම ආයෝජකයන් ආයෝජන අවස්ථා රැසක් සදහා තම ආයෝජන සිදු කිරීමට කැමැත්තෙන් සිටින බව ධීවර හා ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගෘහස්ථ ජලජීවී වගා උද්‍යානයක් පුත්තලම ප්‍රදේශයේ ඉදි කිරීම හා බද්දේගම මත්ස්‍ය අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ඇතුළු දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධයෙන් ආයෝකයින් විසින් කැමැත්ත පල කර තිබේ. 

Comments