සරසවි අහිමි සිසුන්ට පොලී රහිත ණය | සිළුමිණ

සරසවි අහිමි සිසුන්ට පොලී රහිත ණය

සුභාෂිණි ජයරත්න

සෑම වසරකම විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය 10% කින් වැඩිකර 2020 වන විට විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 50,000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට රජය විසින් අනුමත උසස් අධ­්‍යාපන ආයතනවලට ඇතුළත් වී උපාධිය ලබා ගැනීමට එක් සිසුවෙකුට රුපියල් ලක්ෂ 8ක පොලී රහිත ණයක් ලබා දීමටත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයි.

අමාත්‍යාංශය මේ වන විට විශ්වවිද්‍යලවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 30,500 දක්වා වැඩිකර ඇත. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල අපේක්ෂාවෙන් බිඳ වැටෙන්නන්ට තම උසස් අධ්‍යාපන අපේක්ෂා සාක්ෂාත් කර උපාධිය ලබා ගැනීමේ අවස්ථා වැඩි කිරීමේ අරමුණින් මෙම පොලී රහිත ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත. මේ යටතේ රජය විසින් අනුමත කළ උසස් අධ්‍යාපන ආයතනයකින් උපාධිය ලබා ගැනීමේදී වසර 4 ක අධ්‍යාපන කාලයක් සඳහා රුපියල් ලක්ෂ 8 ක පොලි රහිත ණයක් ලංකා බැංකුව මඟින් ලබා ගැනීමට හැකිවෙයි. 

Comments