පාර්ලිමේන්තුව 21 තෙක් කල් තබයි - UPDATE | සිළුමිණ

පාර්ලිමේන්තුව 21 තෙක් කල් තබයි - UPDATE

අද(15) පෙරවරුවේ පාර්ලිමේන්තුව සභා ගර්භය තුල ඇතිවු උණුසුම් නොසන්සුන්කාරී තත්වයත් සමග පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබිමට කටයුතු කර ඇත.

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි 

අද පෙ.ව.10.00ට ආරම්භ වී පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයකට පරිවර්ථනය විය.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රකාශය සිදු කළේ ය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සභාවේ බහුතර නොමති බව පවසමින් ඉදිරිපත් කළ ප්‍රකාශයට ඡන්දයක් විමසිය යුතු බව පැවසීය.

ඉන් අනතුරුව සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් කතානායකවරයා වෙත විරෝධතාවයක් එල්ල කළේ ය. විරෝධය ඉතා උණුසුම් තත්ත්වයකට පත් වූ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසින් වාග් ප්‍රහාර එල්ල කර ගත්තේ ය.

පාර්ලිමේන්තුවේ කටයුතු අතරමැද පාර්ලිමේන්තුවේ කටයුතු අත් හිටුවීමට සිදු විය

Comments