වැස්සෙන් දිස්ත්‍රික්ක තුනකට බලපෑම් - 117 පැය 24 පුරාම | සිළුමිණ

වැස්සෙන් දිස්ත්‍රික්ක තුනකට බලපෑම් - 117 පැය 24 පුරාම

අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 3කට ආපදා තත්ත්වය බලපා තිබේ.මුලතිව්,කිළිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්කවල 5000කට අධික ජනතාවක් පිඩාවට පත් වි ඇති අතර මේ වන විට ඔවුන් තාවකාලික රැඳවුම් කඳවුරුවල රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
පුත්තලම පරණ මන්නාරම් මාර්ගය මේ වන විට ද ජලයෙන් යට වි ඇති අතර හානි වු නිවාසක් සඳහා රු.10,000/= ක අත්තිකාරමක් මුදලක් ද ලබා දෙන අතර සහන සේවා දිගින් දිගට ම ක්‍රියාත්මක වන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
හදිසි ඇමතුම් සඳහා 117  දුරකතන අංකය පැය 24 පුරා ම ක්‍රියාත්මක බව එම මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි.

Comments