උතුරේ CTB සේවකයෝ වැඩ වර්ජනයක | සිළුමිණ

උතුරේ CTB සේවකයෝ වැඩ වර්ජනයක

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ ප්‍රාදේශීය කළමණාකරු වහාම ඉවත් කරන ලෙස පවසමින් උතුරු පළා‍ත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ සේවකයින් අද (04) වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබේ.
 
යාපනය, කරෙයිනගර්, වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය ඇතුළු උතුරු පළාත් බස් රථ ඩිපෝ හතක සේවකයින් මෙම වැඩ වර්ජනයේ නිරත අතර උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරු සේවකයින්ට කරන අසාධාරණකම් සහ සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කරන සේවක පරිපාලනයත් හේතුවෙන් මෙම වර්ජනය සිදු කරන බව වර්ජකයින් පවසයි.
 
මේ කළමනාකරු ඉවත් කිරීමට කටයුතු නොකළහොත් තමන් අඛණ්ඩව වැඩ වර්ජනයක් සිදුකරන බවට ඩිපෝ සේවකයන් අනතුරු අඟවයි.
 
බස් සේවක වැඩ වර්ජනය හේතුවෙන් දුර ගමන් සේවා හා අන්තර් පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සියල්ල ධාවනය නොකරන බව ද  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් සඳහන් කරයි.‍

Comments