ජයනෙතුගම අද ජනතා අයිතියට | සිළුමිණ

ජයනෙතුගම අද ජනතා අයිතියට

ගම් උදාව සංකල්පය යටතේ ක්‍රියාවට නැංවෙන 150 වන ආදර්ශ ගම්මානය වන අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ඉදි වූ ජයනෙතුගම ජනතා අයිතියට පත් කිරීම අද (8) සිදු කෙරේ.

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස වැඩපිළිවෙල ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ජලය හා විදුලිය පහසුකම්,අභ්‍යන්තර මාර්ග පහසුකම්,ප්‍රවේශ මාර්ග පහසුකම් සහිත නව නිවාස 18ක් ජනතාව වෙත පවරා දෙයි. එමෙන් ම ප්‍රතිලාභීන් 50ක් වෙත විසිරි ණය චෙක්පත් ලබාදීම සිදු කෙරේ.

Comments