කොළඹ රථ වාහන සැලැස්මේ වෙනසක් | සිළුමිණ

කොළඹ රථ වාහන සැලැස්මේ වෙනසක්

කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරීමේ කාලය අද (18) සිට දීර්ඝ කර තිබේ.
 
මෙතෙක් උදෑසන 7.30 සිට 8.00 දක්වා කාලයේ  එය ක‍්‍රියාත්මක වූ බව පොලිසිය සඳහන් කළේය.
 
නව තීරණය අනූව උදෑසන 07 සිට 08 දක්වා වාහන එක් දිශාවකට පමණක් ගමන් කිරීමේ කාලය දිර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
 
ආයුර්වේද වට රවුමේ සිට කොළඹ දෙසට මාර්ග තදබදය අවම කර ගැනීම මෙහි අරමුණෙන් පොලිසිය මේ ක්‍රියාමාර්ගය නෙ ඇති අතර කිංසි රීජන් හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා ගමන් කරන වාහන මරදානෙන් බොරැල්ල පාර දෙසට හෝ කිංසි පෙදෙස හරහා වෝඩ් පෙදෙසට මේ අනුව ගමන් කළ හැකිය.

Comments