රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයට යොදාගත් බවට සැක කරන රිය සොයා ගනී | සිළුමිණ

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයට යොදාගත් බවට සැක කරන රිය සොයා ගනී

රත්ගම,බුස්සේ දී ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කොට වලස්මුල්ල ප්‍රදේශයට රැගෙන ගිය බව කියන කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අදාළ කැබ් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් කැබ් රථයක් බවයි.

අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු පිළිබඳව පැහැදිලි කරමින් පොලිස් අධිකාරීවරයා මෙම තොරතුරු පැවසීය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පසුගියදා පොලිස්පතිවරයා නියෝග කරනු ලැබීය.

Comments