සංඝමිත්තාව සියවස අභිමානයෙන් සමරයි. | සිළුමිණ

සංඝමිත්තාව සියවස අභිමානයෙන් සමරයි.

ලංකීය බෞද්ධ කාන්තා විද්‍යාල අතර දකුණු ලක අග්‍රගන්‍ය බෞද්ධ බාලිකාව වන සංඝමිත්තා බාලිකා විද්‍යාලය අද දින සිය සියවස සමරයි.වර්ෂ 1919 දී ගාල්ල වැලිවත්ත ඔරොප්පුවත්තේ දී ආරම්භ වන සංඝමිත්තාව ප්‍රදේශයේ සමාජ සේවකයෙක් වූ මුහන්දිරම් එෆ්. ඒ. වික්‍රමසිංහ මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් වර්තමානයේ පවතින වක්වැල්ල ප්‍රදේශයේ ස්ථාපනය කළේය. බෞද්ධ දැරියන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම පෙරටු කරගනිමින් ඇරඹි සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද වන විට සිසුවියන් හය දහසකට අධික පිරිසකට අධ්‍යාපනය හදාරයි.උගත් බුද්ධිමත් සංවරශීලී කාන්තා පරපුරක් බිහි කිරීම සිය මෙහෙවර කරගත් සංඝමිත්තා බාලිකා විද්‍යාලය සියවස සමරන මොහොතේ සමරු කලාපයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම සිදුකරනු ලැබීය.සියවසට සමගාමීව පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ තවත් පින්කම් රැසක් සිදු වූ අතර අද දින සවස සුමධුර ධර්ම දේශනයක් සහ ආශිර්වාදාත්මක පහන් පූජා පින්කමක් පැවැත්වීමට නියමිතයි.

Comments